" ජිමින්!! ඔයාලා දෙන්නා වැටෙයි හරිද?"
යුංගි අද ජිමින්වයි හේසූවයි හන්ටර් එක්ක ම ඉන්චෙන්වල යුංගිගෙ මැන්ශන් එකට එක්කරගෙන ආවෙ රෑට ඉන්චෙන්වල තියෙන ඩීල් එකට එන එකේ ජිමින්ව වෙනසකට එක්ක එළියට අරන් යන්න හිතාගෙන....සූහිට අද ක්ලිනික් යන්න තිබුණා වගේ ම ටේහ්යුන් ජන්කුක් දෙන්නා ඩිසයිනින් ප්රොජෙක්ට් එකකට දවස් තුනකට ජැපෑන් ගිහින් නිසා හෙසෝක්ට උදව්වක් වෙන්න හේසූව එයාලා එක්කරගෙන ආවා....
සූහිට විදින බෙහෙත් සැර නිසා බෙහෙත් විදින දවසට පස්සෙ දවසෙ හවස වෙනකල් ම සූහිට ඔලුව උස්සගන්න බැරි වෙනවා....ඒ නිසා හේසූ තියලා එන එක කරදරයි වගේ ම ගතවුණ මාසෙට හේසූ ජිමින් ජන්කුක් දෙන්නා එක්ක ගොඩක් කිට්ටු වුණ නිසා ජිමිනි පපා එක්ක දුර ගමනක් යනවා කිව්වාම කෙල්ලගෙ ඉහේ මල් පිපුණා...
හේසූ කොහොමත් සූහිට ලැදි වුණෙත් ජිමින්ලට වගේමයි....සූහිට උපන් දා ඉඳලා හේසූ තමන්ගෙ දරුවා වුණාට හේසූට සූහි කියන්නෙ ඔම්මා කියලා කියාගෙන එයාගෙ ජීවිතේට එකපාර ආව ගෑනු කෙනෙක්....ඉතින් හේසූට කල් ඕනෙ පුරුදු වෙන්න.... අවාසනාවකට සූහිට එච්චර කාලයක් ඉතිරි වෙලා නැති වෙද්දී සූහි හිත හදාගත්තා හේසූගෙ හිත රිද්දන්නෙ නැතිව කෙල්ලට ඒ තරම් ළං නොවී ඉන්න.... මොකද බැඳෙන්න බැඳෙන්න එයාටත් අතාරින්න ලෝභ හිතෙනවා... දරුවටත් දරා ගන්න අමාරු වෙනවා...
උදේ ආව ඇඳුම් පිටින් ම මැන්ශන් එක පිටිපස්සෙන් ගලන දොළ ළඟ වැල්ලෙ හන්ටර් එක්ක සෙල්ලම් කරන ජිමින් හේසූ දෙන්නා දිහා බලාගෙන හිටිය යුංගි බයවෙලා හිටියෙ ඒ දෙන්නා දැන් නැතුවට දැන් වැටිලා තුවාල කරගනීවිදෝ කියලා....ඒ තරම් දැඟලිල්ල දෙන්නට ම....මහ සද්දෙට හිනාවෙවී හන්ටර්ව අවුස්සලා දුවනවා... හන්ටර් වුණත් ගොඩක් වේගෙන් ම නැතත් ඒ දෙන්නා පස්සෙ බොරුවට එළවනවා....
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
