CHAPTER 28

416 66 34
                                        


තවත් ඇවිදගන්න පණ නෑ කියලා තේරෙද්දි ජිමින් කළුවර වැටිලා තියෙන පාර දිගේ වැටි වැටී ඉස්සරහට දිව්වා.... ජිමින්ට හොඳට ම දාඩිය දාලා... සෙරෙප්පු දෙකක් නැතිව තාර පාරෙ දුවලා ජිමින්ගෙ රෝස පාට සිනිඳු යටිපතුල් දැවිල්ල අරගෙන.... ඉස්සරහින් තියෙන චර්ච් එකක් දැක්ක නිසා ජිමින් එතනට යනකල් වැටෙන්න එපා කියලා හිතින් ප්‍රේ කර කර අමාරුවෙන් අඩිය අඩිය ඉස්සරහට තිබ්බා...අන්තිමේ වටේ බොඳවෙලා යද්දි ජිමින්ට මතක තිබුණෙ එයාගෙ අත ගේට් එක ළඟ තිබුණ බෙල් එකේ යන්තමට වැදුණා කියලා විතරයි....

.
.
.
.
.
.
.
.
.
.
.
.

"යුංගියා!"

හෙසෝක් එකපාරට ටිකක් හයියෙක් කියද්දි කවුච් එක උඩ නින්දත් නොනින්දත් අතරෙ හිටිය යුංගි උඩ විසි වුණා.....හෙසෝක්ට ඒකෙන් ම තේරුණා ඇස් පියවිලා හිටියට යුංගිට හරියට නින්ද ගිහින් නැහැ කියලා...මොකද යුංගි හරියට නිදා ගත්තා කියන්නෙ එයාටම හිතෙනකල් ආයෙ ඇහැරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි....

"වේ...මොකද උඹ කෑ ගහන්නෙ ජිමින්ට ඩිස්ට-"
යුංගි හෙසෝක්ට බැනගෙන පටන් ගත්තත් ඇඳ හිස් කියලා දැක්කාම යුංගිගෙ වචන ගොළු වුණා....

"ජිමින් ඇහැරුණා ද හෙසෝකා?"

"මට වොශ් කරන්න විනාඩි විස්සක් විතර ගියා තුවාල නිසා....මං එද්දි ජිමින් හිටියෙ නෑ..."
හෙසෝක් බය වෙලා කියද්දි යුංගි පැත්තකින් තිබ්බ මේසෙ උඩ තිබුණ ගන් එක ඉණේ රඳවගෙන නැඟිට්ටෙ මාරයා ආවේස වෙලා වගේ....

"අද එක්කෝ මම මැරෙනවා...නැත්තන් මම තේහ්‍යුන්ව මරනවා.."
යුංගි කේන්තියෙන් ගොරවද්දි හෙසෝක් යුංගිගෙ අතේ එල්ලුණා....

"අහපන්...ටිකක්-"

"තව මොනවද ඕයි ටිකක් ඉන්නෙ! ඒ වඒ# බ@ලට ඕන ජිමින්ව මරන්න... ජිමින් ඒක දන්න නිසා!!

චෙක් පොයින්ට් ටිකක් දම්මලා සෝල් වලින් එළියට යන වාහන චෙක් කරවපන්....විනාඩි පහක් යද්දි වුණේ නැත්තන්...සුගා කවුද කියලා උන් දැනගනියි...ටේහ්‍යුන්ට කියපන් සෝල් වටේ රවුමක් දාන්න කියලා....මම යනවා අර ප-"

"ඇයි කෑ ගහන්නෙ හ්‍යුන්?"
යුංගිගෙ කෑ ගැහිල්ල නතර වුණේ දොරෙන් ඇතුළට ඔලුව දාපු ටේහ්‍යුන් නිසා....කළු ෆිට් ඩෙනිමට ලා නිස් පාට හයිනෙක් ජර්සි එකක් ඇදන් හිටිය ටේහ්‍යුන්ගෙ කොණ්ඩෙ දැන් නින්දෙන් නැඟිටලා වගේ අවුල් වෙලා තිබුණා...

The Hell HighwayWhere stories live. Discover now