අදත් ඒ කළු පාට මිටි ගේට්ටු පියන ඇරගෙන තරුණයෙක් අරලියා ගස් ඉන්දලා වටේම රෝස පාට දම්පාට මිටි මල් පැළ ඉන්දලා තිබුණ ඒ පාළු පිට්ටෙන්නට ඇතුළු වෙන විදිහ ඒ මහළු මිනිසා තමන්ගෙ යකඩ පුටුවෙ වාඩිවෙලා බලාගෙන හිටියා....කළු පාට කකුල් ලොකු පරණ තාලෙ දිග කලිසමකට සුදු කම්සයක් ඇඳලා හිටිය තරුණයා බිම ගෑවෙන්න තරම් දිග කළු ලෝගුවක් දාගෙන හිටියා... පරණ තාලෙ තොප්පියක් දාලා තිබුණ ඔලුව බිමට බරවෙලා තියෙද්දි ඒ තරුණයාගෙ අත් දෙක කලිසම් සාක්කුවල ගිලිලා තිබුණා....දිලිසෙන්න ඔප දාලා තිබුණ කළු සපත්තු දෙක දිග අඩි තියමින් තණකොළ අතරෙ අල්ලලා තිබුණ සිමෙන්ති ගල් මතින් කොහෙදෝ යද්දි තරුණයා තමන්ගෙ ඇස් මානෙන් ගිලිහිලා යනකල් ම ඒ දිහා බලාන උන්න මහළු මිනිසා බර හුස්මක් හලලා අහස දිහා බැලුවා.....
අහස තනිකර ම තැඹිලි පාට වෙලා....දවස තිස්සෙ අහසට තුරුල් වෙලා හුරතල් වුණ ඉර අහස දාලා යන්න බැහැ කියලා තවමත් මුරණ්ඩු කම් කරනවා....ඒත් ඉර මොනතරම් අහස එක්ක දැවටිලා හුරතල් වුණත් කවදාවත් ඉරට අහසෙ නතර වෙන්න බැහැ....අහස කවදාවත් ඇත්තට ම ඉරට අයිති වුණෙත් නැහැ....
සමහර බැඳීම් එහෙමයි....මොන තරම් ලෝභ වුණත් බිඳිලා යනවා.....
ඔලුව බිමට බර කරගෙන ම ආව තරුණයා එක තැනක නතර වුණා....මේ විශාල පිට්ටෙන්නේ හැම අඟලක් ගානෙම තිබුණා වගේ ම එතනත් තිබුණෙ තරමක් උසට බැඳපු සොහොන් කොතක්.....වොනසකට කියලා තිබුණෙ අනිත් සොහොන් කොත් ළඟ ඉන්දලා තිබුණ සුදු අරලියා ගස් වෙනුවට මෙතන තිබුණෙ තරමක් ලොකු ඇට්ටේරියා ගහක් වුණ එක...
බැලූ බැල්මට ඒ ගහට අවුරුදු පහක් විතර වෙනවා ඇති කියලා කෙනෙකුට කියන්න පුළුවන්.....ඒ ගහ පුරා ම සුදු පාටට පුංචි පුංචි ඇට්ටේරියා මල් සිය ගණනක් පිපිලා තිබුණා වගේ ම පාළු සොහොන් පිට්ටෙන්න ඒ ඇට්ටේරියා ගහ නිසා ප්‍රියමනාප සුවඳකින් පිරිලා තිබුණා...
ඇවිදගෙන ආව තරුණයගෙ කළු පාට ඉරි වැටුණ දුඹුරු පාට ඇස් සොහොන් කොතේ පහළට වෙන්න තිබුණ කාලෙකට ඉස්සර එයා පිස්සුවෙන් වාගෙ ඇබ්බැහි වෙලා හිටිය හිනාවෙන් පිරිලා තියෙන මූණ දිහා බලාගෙන හිටියෙ කියාගන්න බැරි දුකක්, පාළුවක්,තනිකමක්, පසුතැවීමක් හිර කරගෙන....
තරුණයා බලාගෙන ඉද්දි ම හමාගෙන ආව පුංචි හුළඟකට ඇට්ටේරියා ගහේ අතු හෙළවෙද්දි පුංචි ඇට්ටේරියා මල් පොකුරු ගණනාවක පෙති විසිරිලා ගිහින් සොහොන් කොත වටේ බිම වැටුණා...
ඇට්ටේරියා...සුදු පාට සරල මලක්... ගොඩක් පුංචි ඒත් පළාතක සුවඳ විහිදුවන මලක්...පුංචි හුළඟකට පවා පෙති විසිරිලා යන ඇට්ටේරියා මලත් එක්තරා විදියක මායාවක්....
"ඒ හැමදේම හීනයක්ද? ඒත් ඇයි ඒ හීනෙ මේ තරම් රිදෙන්නෙ? ඇයි ඒ හීනෙ මේ තරම් ජීවමාන වෙලා තියෙන්නෙ?"
තමන්ට ම මුමුණ ගත්ත තරුණයා බිම දණ ගහගෙන සොහොන් කොතට නළල හේත්තු කරගෙන ඇස් පියා ගනිද්දි ඒ කම්මුල දිගේ බේරිලා ගියපු කඳුලක් බිම තිබුණ සුදු පාට ඇට්ටේරියා මල් පෙත්තක් උඩට වැටුණා....
🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤හායි බබාලා👀❤️
මං දන්නවා....මේක සූටියි.....ඔයාලව අවුස්සලා යන්න ආවෙ 🤭🤭❤️
හිතා ගන්න බැරිව ඇතිනේ මේ කවුද කියලා👉👈
අපි ඉස්සරහට බලමුමං ඉක්මනට එන්නම් 💜
Bye🌹
Sunshine 💖