කැෆේ එකේ වැඩ ඉවර වෙලා ටේහ්‍යුන් එනවද කියලා විනාඩි පහළොවක් විතර බලාගෙන හිටිය ජන්කුක් ඇඳන් හිටිය කළු පාට හූඩි එකේ කැප් එකත් ඔලුවට දාගෙන ඉයර්ෆෝන් දෙකත් දාගෙන පාරෙ අයින දිගේ ඇවිදන් එන ගමන් කලිසම් සාක්කුවෙ තිබුණ රෝල් කරපු පුංචි කොළ කෑලි දෙක තුනක් පාර අයිනෙ තිබුණ තණකොළ බිස්සට විසි කරලා දෙපාරක් විතර පිටිපස්ස හැරිලා බලලා ඉක්මනින් ඉක්මනින් ඇවිදගෙන ගියේ වෙලාව එකොළහට කිට්ටු වෙලා නිසා....ජන්කුක්ට තනිවම ගෙදර යන්න බැරිව නෙවෙයි....ඒත් ටේහ්‍යුන් පහුගිය ටිකේම....දැන් මාස දෙකක් විතර තිස්සෙ තමන්ව ගන්න රෑට ආව නිසා ඒක ජන්කුක්ට පුරුද්දට ගිහින්.....
අපිට දේවල් වලට ඇබ්බැහි වෙන්න ගත වෙන්නෙ හරිම පුංචි කාලයක් විතරයි....
ඒක හැමෝටම එහෙමයි....මොන තරම් බලාපොරොත්තු වෙන්නෙ නෑ කිව්වත් හිත යටින් අපි ඒ දේවල් බලාපොරොත්තු වෙනවා....විශේෂයෙන් ම අපිට අයිති නෑ කියලා සීමා දාලා තියෙන දේවල්....
අපේ හිත් හරි ආසයි මිරිඟු පස්සෙ දුවලා හති වැටෙන්න.....
තමන්ට ඇහෙන සින්දුව හෙමිහිට මුමුණන ගමන් බිම බලාගෙන ආව ජන්කුක් මූණට වැටෙන තද කහ පාටට හුරු සුදු පාට එළිය නිසා ඇස් දෙක අතින් ආවරණය කරන ගමන් ඔලුව උස්සලා බලලා පාරෙන් අයින් වුණේ වේගය පාලනයක් නැතිව ආව ලොකු කළු පාට රේසින් බයික් එකක් ජන්කුක්ගෙ ඇඟේ වදින නොවදින ගානට ජන්කුක් ළඟ නතර කරද්දී....
බයික් එකේ හිටිය කොල්ලා දාගෙන හිටිය රතුපාට මිශ්‍ර කළුපාට ෆුල්ෆේස් හෙල්මට් එක ගලවලා අතට ගනිද්දි ජන්කුක්ගෙ ඇස් ලොකු වුණේ ටේහ්‍යුන්ව දැකලා....
"හ්-හ්‍යුන්?"
කලබලෙන් හෙල්මට් එක බයික් එක ඉස්සරහ රඳවලා බයික් එකෙන් බහින ටේහ්‍යුන් දිහා බයවෙලා බලාගෙන හිටිය ජන්කුක් අහද්දි ටේහ්‍යුන් බයික් එක වටෙන් දුවලා ඇවිත් ජන්කුක්ව එකපාරට ම බදාගත්තා ම ජන්කුක්ගෙ ඇස් දෙක බෝලවෙලා ගියා....
" හ්‍යුන්ගී....මොකද මේ?"
ජන්කුක් අහද්දි ටේහ්‍යුන් ඉක්මනට ජන්කුක් ව අත්ඇරලා පැත්තකට වුණා...