CHAPTER 44

405 65 126
                                        

ජන්කුක් හිටියෙ බොරළු ගල් ගොඩේ ඔහේ බිම වැටිලා....

පැයකට කලින් සෝල් නැශනල් එයාපෝට් එකේ ටේහ්‍යුන් එක්ක කැනඩා යන්න හිටිය ජන්කුක් දැන් ඉන්නෙ ඩේගුවල පිච්චිලා අළුවෙලා විනාස වුණ කර්මාන්තශාලාවක් ඉස්සරහ....

Flashback

"ජින් හ්‍යුන් ඇයි මේ වෙලාවෙ?"
ජන්කුක් තමන්ට ම මුමුණ ගන්න ගමන් ෆෝන් එක ආන්ස්වර් කරද්දි ටේහ්‍යුන් ජන්කුක්ට නිදහසේ කතා කරන්න දීලා හෙසෝක්ට ක.න්තයක් හැදුණා වෙලාවට එන්න බැරිවෙයි කියලා කෝල් එකක් ආව නිසා එයාලා එක්ක යන්න ආව මේන් ගාඩ් වූබින් එක්ක කතා කර කර හිටියා...

"ටේහ්‍යුන්ගී....අ-අනේ ජින් හ්‍යුන්..."

"මල...මොකද මේ...ජින්...ජින් කියන්නෙ අර ඩොක්ටර් නේද?"

"ද්-දේ...ම්-මගේ හ්-හ්‍යුන්...එ-එයාට හ්-හාට් ෆේලියර් එ-එකක් ඇවිත්..."
ජන්කුක්ගෙ ඇස්වල කඳුළු පිරෙද්දි ටේහ්‍යුන් ජන්කුක්ව තුරුල් කරගත්තා....

"ෆ්ලයිට් එකට තව වෙලා තියේ...මං මැණිකව හොස්පිට්ල් එකට දාලා ගාඩ්ස්ලා තියලා යන්නම්...හ්‍යුන් දවස් තුනක් ඉන්නෙ නෑ... අද යනවා...හෙට මීට්න් තුනම ඉවර කරලා අනිද්දා රෑ වෙන්න කලින් එනවා....ඔයා හ්‍යුන් ළඟ ඉන්න ඕනෙ...වූබින් වාහනේ ගන්න..."

ටේහ්‍යුන් හිතාගෙන හිටියෙ සූහි වගේම ජිනුත් තනියම හිටිය ජන්කුක්ට තිබුණ ලේ බැඳීමක් නැති සහෝදරයෙක් කියලා....ඒ නිසයි ටේහ්‍යුන් කලබලේ හැමදේම වෙනස් කරලා හොස්පිට්ල් එකට ආවෙ... ජන්කුක්ව ඇතුළට එක්කගෙන යන්න වෙලා මදි නිසා හොස්පිට්ල් එක ළඟට දාලා ගාඩ්ස්ලා දෙන්නෙක් තියලා ආයෙ වාහනේ පාරට දැම්මෙ එයාපෝට් එකට යන්න වුණත් CID officer කෙනෙක් විදියට ඇතුළෙ ඉන්න කොල්ලෙක් අන්තිම මොහොතේ නම්ජුන්ලා ඩේගු සීක්‍රට් හවුස් එක වට කරපු බව ටේහ්‍යුනට කීවාම ටේහ්‍යුන් වාහනේ ඩේගු යන්න හරවපු බවක් දන්නෙ නැති ජන්කුක් කොරිඩෝ එක දිගේ අඬ අඬා දුවගෙන යද්දි නම්ජුන්ව දැකලා ළඟට දුවගෙන ගියත් නම්ජූන් ICU පැත්තට වෙනුවට ජින්ගෙ ඔෆිස් එක පැත්තට එයාව ඇදන් යද්දි ජන්කුක් පුදුම වුණත් ඇතුළෙ පුටුවක වාඩිවෙලා බිම බලන් ඉන්න ජින්ව දැක්කාම ජන්කුක්ගෙ ඇස් බෝල එළියට වැටෙන තරමට ම ලොකු වුණා...

The Hell HighwayWhere stories live. Discover now