CHAPTER 47

462 79 125
                                        


ජන්කුක් ගැස්සිලා ඇහැරෙද්දි ජන්කුක් හිටියෙ ඇඳක් උඩ....තමන්ගෙ අතට කැනියුලා එකකුත් දාලා තියෙනවා දැක්කත් ජන්කුක්ට අදහසක් නෑ එයා ඉන්න තැන ගැන....

"ටේහ්‍යුන්ගී...."
ඇඹරිලා ඇඳේ වාඩිවුණ ජන්කුක් කතා කළත් ඊළඟ තත්පරේ ඒ බෝල ඇස්වල ආයෙත් කඳුළු පිරුණා....

අද තමන් කතා කළාට ඇහෙන දුරක ටේහ්‍යුන් නෑ කියලා මතක් වුණාම ජන්කුක් කැනියුලා එක ඇදලා දාලා අතෙන් ලේ එන එක ගනන් නොගෙන ඇඳෙන් බැහැලා විසිවෙවී වගේ කාමරෙන් එළියට ගියා....කොරිඩෝ එකෙන් හැරෙද්දි තිබ්බ පළවෙනිම කාමරේ ඇඳක් වගේ එකක හාන්සි කරලා ඉන්න එයාගෙ හ්‍යුන්ගි දැක්කා ම ජන්කුක්ට කෑ ගැහුණා....

"අන්ද්වේ!!! "
ජන්කුක්ගෙ සද්දෙට තේහ්‍යුන්ගෙ මරණ පරීක්ෂණ වාර්තාව හදන්න ආව ඩොක්ටර්ස්ලා වගේම එතන හිටිය ජින් ,නම්ජුන් දෙන්නත් ගැස්සිලා ගියත් ජින් ජන්කුක් ළඟට දුවගෙන ආවෙ ජන්කුක් වැටෙන්න යනවා වගේ පෙනුණ නිසා....

"ම්-මගෙ ට්-ටේහ්‍යු...න්ගි න්-නෙවෙයි..."

හෙමිහිට තොල් අතරෙ ඒ විදියට මිමිණුවත් ජන්කුක්ගෙ ඇස් උඩ ගිහින් ෆේන්ට් වෙලා ජින්ගෙ අත් දෙකට වැටුණෙ ජින් නම්ජුන්ට එන්න කියලා කෑ ගහන ගමන් ජන්කුක්ව වාරු කර ගනිද්දී.....

.
.
.
.
.
.
.
.

One week later

"මේ රූම් එකේ බෙඩ් ශීට්ස් මාරු කරලා රූම් එක සුද්ද කරන්න ආවෙ සර්..."

කැප් එකක් දාගෙන අළු පාට යුනිෆෝම් එක ඇඳගෙන ඉන්න අවුරුදු විසිපහක විතර පෙනුමක් තිබුණ ස්ටාෆ් එකේ කොල්ලෙක් පරණ රෙදි ඔබාගෙන යන්න උස බින් එකක් එක්ක ම තියෙන ට්‍රොලි එකක් උඩ සැනිටයිසර් බෝතල් කීපයක් එක්ක මොප් එකක් අරගෙන ආවා ම සතියක් තිස්සෙ කිසිම හැල හොල්මනක් නැතිව බලාගත්ත අත බලාගෙන හිටිය ජිමින්ගෙ රූම් එකට යන්න එතන හිටිය පොලිස් නිලධාරීන් දෙන්නා ඒ කොල්ලට අවසර දුන්නා....

පැයකට විතර පස්සෙ රූම් එකේ හැම තැනම පිරිසිදු කරලා ශීට්ස් මාරු කරපු කොල්ලා ට්‍රොලි එක තල්ලු කරගෙන නිලධාරීන් දෙන්නට ආචාර කරගෙන ම එළියට යද්දි එක නිලධාරියෙක් ඇතුළට එබිලා බලලා ලෙඩා නිදාගෙන ඉන්න නිසා දොර අඩවල් කරලා දැම්මා....

The Hell HighwayWhere stories live. Discover now