"මෝ?"
"දේ බොස්...අපි කලින් ගියාට එතනට අද අළුත් කොල්ලෙක් ගේනවලු..දැන ගත්තා හරි නම් ජිමින් සර්ව බලාගත්ත මිනිහා සර්ව එතන අයිති මිනිහට විකුණලා..."
"තමුසෙ ද දැන් අයිසෙ කියන්නෙ!? මං මගෙ වැඩකට යුංගි හ්යුන්ව ඩේගු යවනවා....ඒ ක්ලබ් එකට හ්යුන්ව අරන් පලයන් කොහොමහරි...."
ටේහ්යුන් තමන් එක්ක දුරකථනයෙන් සම්බන්ධ වෙලා හිටි තරුණයට කෑ ගහලා ඇමතුම විසන්ධ් කරලා දැම්මෙ ජන්කුක් කාමරේට ආව බව නොදැන....
දොර ළඟට වෙලා ටේහ්යුන්ගෙ කොෆී එක අතේ තියාගෙන හිටිය ජන්කුක් තමන්ට ටේහ්යුන් කතා කරන දේවල් ඇහුණ බවක් අඟවන්නෙ නැතිව ම ඇතුළට ඇවිදගෙන ගියේ ටේහ්යුන් ඇඟිලි දෙකකින් නළල පිරිමදිමින් පුටුවෙ වාඩිවෙන්න හැරිලා ජන්කුක්ව දැකලා හිනා වෙද්දි....
"ඔයාගෙ කොෆී එක ටේහ්යුන්ගී...."
ජන්කුක් මග් එක ටේබල් එක උඩින් තියලා ටේහ්යුන්ට පිටිපස්සෙන් හිටගෙන ටේහ්යුන්ගෙ ඔලුව මසාජ් කරන්න පටන් ගත්තා ම ටේහ්යුන් ඇස් දෙක පියාගෙන පුටුවෙ පිටිපස්සට බර වුණා....
" ම්ම්හ්....සනීපයි කූ බබා..."
ටේහ්යුන් තමන්ගෙ නළලෙ තිබුණ ජන්කුක්ගෙ හීන් අත් දෙක එයාගෙ ලොකු අත් දෙකෙන් අල්ලගෙන බෙල්ල වටේ ඔතාගත්තා ම ඉස්සරහට ඇදිලා ආව ජන්කුක් ටේහ්යුන්ගෙ නළලෙන් හාදුවක් තියලා හිනා වුණා....
"කෝ මෙතනට එන්න..."
ටේහ්යුන් එයාගෙ පුටුවෙ ඉදගෙන ම ජන්කුක්ගෙ පැත්තට කැරකිලා උකුළට තට්ටු කළා ම ජන්කුක් වාඩිවෙලා ටේහ්යුන්ගෙ උරහිසක ඔලුව තියාගත්තා...
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
" අද දවල්ට බිස්නස් පාටි එකක් තියෙනවා කූ බබා..... ඉතින් කිම් ටේහ්යුන්ගෙ බෝයිෆි විදියට ඔයත් යනවා.... කමක් නෑ නේද බබා?"
