CHAPTER 36

407 68 119
                                    

"තමුසෙට පිස්සු හැදිලද මිනිහෝ!? මොකද්ද...මොකද්ද මං කරපු වරද ආආආ!?

මට තමුසෙගෙ ලේ තියෙන එක ද වැරැද්ද!? ඒකද මට සැනසීමෙන් ඉන්න නැත්තෙ?ආආආ!?

මුලින් ම ජිමින්....මගෙ කොන්ද පණ නැති කමට අනුන්ගෙ තැනක වැටිලා කාලා හිටිය පවට මට ජිමින්ව බේර ගන්න බැරි වුණා....ඒ අහිංසකයා තාම විඳවනවා!!

ඒවා ඇස් පනාපිට දැක දැක තමුසෙ අහ#ල් මඟුලකට ද ඕයි ජන්කුක්ගෙ පස්සෙත් කැරකෙන්නෙ!!? මං එදා පැහැදිලි කරලා කිව්වා ජන්කුක්ට උඹෙ හෙවනැල්ල වත් වට්ටන්න එපාය කියලා....මොකද්ද මේ කරේ!!?"

මෙච්චර වෙලා බිම පෙරලගෙන එකපිට එක අත මිට මොළවලා තේහ්‍යුන්ට ගහගෙන ගිය ටේහ්‍යුන් කොළර් එකෙන් ඇදලා තේහ්‍යුන්ව නැඟිට්ටලා තල්ලු කරලා දාලා කෑ ගහද්දි ටේහ්‍යුන්ගෙ පාරවල්වල සැරට නිකටට අත තියන් නහයෙන් ලේ එන ඒවා පිහදදා හිටිය තේහ්‍යුන් එක අතකින් මේසෙට බර වෙලා ටේහ්‍යුන් දිහා බලන් හිටියෙ ගිනි පුපුරු විසිවෙන ඇස්වලින් වුණත් අද ටේහ්‍යුන්ගෙ කට වහන්න ඒ කොළ පාට ඇස්වලට බැරි වුණා....

තේහ්‍යුන් කියන්නෙ කවුරු වුණත්.... අත තිබ්බෙ තමන්ගෙ මලට කියලා මතක් වෙද්දි ටේහ්‍යුන්ට දැනුණෙ ඇගේ නහරයක් නහරයක් ගානේ කේන්තියට රැළි ගහනවා වගේ....

දැන් තමන් කාමරෙන් එන්න කලිනුත් හීනෙන් බය වෙලා කෑ ගහන් ඇහැරුණ ජන්කුක්ව මතක් වෙද්දි ටේහ්‍යුන්ගෙ ඉවසීමෙ සීමා අතුරුදහන් වුණා...

"ටේහ්‍යුන් මෝඩයෙක් නොවී මං කියන දේ අහලා ඉන්නවා!!"
තේහ්‍යුන් කතා කරන්න හැදුවත් ටේහ්‍යුන් ඒවා අහගෙන ඉන්න ලෑස්තියක් තිබුණෙ නැහැ....

"කට...කට වහපන්.....මොන හේතුවට හරි තමුසෙ රිද්දුවෙ මගෙ මලට!!"
ටේහ්‍යුන් කෑ ගහද්දි තේහ්‍යුන් අත දිගෑරලා ටේහ්‍යුන්ගෙ කම්මුලට දුන්න පහරත් එක්ක ටේහ්‍යුන්ගෙ මූණ පැත්තකට හැරවුණේ යුංගිට ඉබේට ම අඩියක් ඉස්සරහට තියවෙද්දි වුණත් ටේහ්‍යුන් අතින් එපා කිව්ව නිසා යුංගි බිම බලන් හිටියා...

"මුලින් අහගෙන හිටපන්!! ඊට පස්සෙ කතා කරපන්!! උඹ මොකා වුණත් මමයි බ්ලැක් ෆොක්ස්.... මගෙ රාජධානියේ මට උඩින් යන්න පුළුවන් උන් නැහැ.....ඒ වගේමයි මට අත උස්සලා තවම ඔය අතේ ඇඟිලි පහ තියෙන්නෙ අප්පා මට උඹව බලාගනින් කියලා කිව්ව නිසා විතරයි කිම් ටේහ්‍යුන්....

The Hell HighwayWhere stories live. Discover now