"ඩ්-ඩොක්ටර්...මගෙ වයිෆ්?"
මෙච්චර වෙලා ICU එක ඉස්සරහ කලබලෙන් එහෙ මෙහෙ දුවන ගමන් හිටිය හෙසෝක් ඩොක්ටර්ගෙ අතින් අල්ලගෙන අහද්දි බංකුවෙ වාඩිවෙලා හිටිය ජන්කුක්, ටේහ්‍යුන් දෙන්නත් නැඟිට්ටත් තමන්ගෙ උරහිසට බරවෙලා නිදාගෙන ඉන්න ජිමින් නිසා නැඟිටින්න බැරි යුංගි ඩොක්ටර් කියන දේ අහගෙන හිටියා...."ම්ම්...මිස්ටර් ජන්ග් වයිෆ්ට තියෙන අසනීපෙ ගැන දන්නවා නේද?"
ඩොක්ටර් අහද්දි හෙසෝක් හරි අසරණ විදිහට ඔව් කියන්න ඔලුව වැනුවත් ඩොක්ටර් බලාගෙන හිටියෙ ජිමින්ට තුරුල් වෙලා නිදාගෙන ඉන්න පුංචි හේසූ දිහා..."ලොකූ බලාපොරොත්තු තියාගන්න අපිට අමාරුයි මිස්ට ජන්ග්....ඒත් අපි තව ටිකකින් ඔයාගෙ වයිෆ්ව නෝමල් වෝඩ් එකකට මාරු කරනවා....එයා එක්ක කතාබහ කරලා ඉන්න..."
ඩොක්ටර් එහෙම කියලා හෙසෝක්ගෙ පිටට තට්ටුවක් දාගෙන ගියාම ජන්කුක් ටේහ්‍යුන්ගෙ අතේ එල්ලුණේ හෙසෝක් පණ නැතිව වගේ පිටිපස්සට විසිවෙලා බිත්තියෙ හැපෙද්දී....
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
"වේ...වේ...වේ....ඇයි මගෙ අහිංසකී ම විඳවන්නෙ...."
හෙමින් හෙමින් ඔලුව බිත්තියෙ වද්දන ගමන් හෙමිහිට මිමිණුව හෙසෝක් එකපාරට ම බිත්තියේ නළල හප්ප ගන්න හදද්දි ටේහ්‍යුන් පැනලා හෙසෝක්ව අල්ලගත්තෙ යුංගි නැඟිටින්න හැදුව නිසා ජිමින්ට ඇහැරෙද්දී..."නූනා..."
කැනියුලා සෙට් කරලා ඔක්සිජන් දීලා ඇඳේ හාන්සි වෙලා හිටිය සූහි ගෙවුණ මාස දෙක තුනට බලාගෙන ඉද්දි දිරවලා ගිහින් තිබුණා....ඇඳේ ඉන්නවද නොද්ද නොපෙනුණ කෙල්ල හෙසෝක්ව දැකලා හිනාවෙද්දි හෙසෝක්ට දැනුණෙ පපුව පිච්චිලා යනවා වගේ....
ජන්කුක් නර්ස්ලා එක්ක එකතු වෙලා ට්‍රොලි එක තල්ලු කරද්දි හෙසෝක් හීනෙන් වගේ ඒ පස්සෙන් ඇවිදන් ගියේ වැටෙන්න යන වාරයක් ගානෙ ටේහ්‍යුන්ට වාරු වෙවී....
![](https://img.wattpad.com/cover/343582625-288-k423608.jpg)