15

1.6K 286 220
                                    

"අයියෙ ඇයි කවුරුත් ඔයාට අයිස් ක්‍රීම් ටික දීලා නැත්තෙ?"

චූටි පුළුං බෝලෙ මගෙන් අහද්දි මොනවා කියන්නද කියලා මට හිතාගන්න බැරි වුනා.

අපේ තාත්ති කොහොමත් ටිකක් වෙනස්. එයා වටේපිටේ ඉන්න කාවවත් අපි ආශ්‍රය කරනවට කැමති නෑ. ඒ හැමෝම ගණන් ගන්න ඕනෙ නැති වැදගත්කමක් නැති මිනිස්සු එයාට අනුව. ඉතින් එහෙම එකේ පොඩ්ඩා ගෙනාපු අයිස් ක්‍රීම් මට දෙන්න එපා කියලා මාලනීට කිව්ව ගැන පුදුම වෙන්න දෙයක් නෑ.

ඒත් ඒකෙන් පොඩ්ඩට සෑහෙන්නම දුක හිතුනා. පුංචිකමට කොච්චර හිතන්න ඇතිද ලස්සන ලස්සන motivational quotes පවා අලවලා මට ඒ ටික ගෙනත් දෙන්න. මේ පුංචි පුංචි හුරතල් වැඩ නිසාම දවසින් දවසම චූටි කොල්ලට තියෙන ආදරේ වැඩි වෙනවා.
මගේ චූටි පුළුං බෝලේ!

ඇත්තටම මේ කොල්ලට මං කොහොම මෙච්චර කැමති වුනාද කියලා මටම හිතාගන්න බෑ.

අපි මෙහාට එද්දි මං හිටියෙ දහයෙ. මට හොඳට මතකයි අපි ගේ හදනවා බලන්න යද්දි එද්දි කැලේ පැන පැන නට නට ඉන්න පොඩි එවුන් සෙට් එක. ඒකෙනුත් එක හරිම හුරතල් පාට දඟ මල්ලක්ව!
එක විදියකට ඉන්නම බැරුව ගස් තාප්ප දිගේ බඩගාන, කැලෑ අස්සෙ පනින, කෑගහ ගහ පාර පුරා දුවන, පේන්නෙත් නැති හොරු, කරදරකාරයො අල්ලන්න දඟලන, ඒ ළමයා එකම පිස්සු විකාරයක්!
ඇත්තටම මං එච්චරටම එක විදියකට ඉන්න බැරි ළමයෙක්ව කලින් දැකලා තිබුනෙම නෑ.

මුලින්ම මට හිතුනෙ ඌ නම් ගෙදර හුරතලේට හැදෙන මහ එපාම කරපු කොල්ලෙක් වෙන්නැති කියලා. මොකද අපේ ගෙදර ඔහොම දඟ කරන්න ගියා නම් තාත්තගෙන් අනිවාර්යයෙන් punishments තමයි. ඒ කිව්වෙ එයා ගහන්නෙ නම් නෑ. ඒත් වෙන වෙන දඬුවම් දුන්නා. ටීවී බලන්න බෑ. සෙල්ලම් බඩු හංගනවා ආයෙ දෙන්නෙ නෑ. කාමරේට වෙලා තනියම ඉන්න යවනවා. එලියට ආවොත් කතා නොකර ඉන්න කියනවා ගෙදර කිසිම කෙනෙකුට. යාළුවොන්ව හම්බ වෙන්න තියෙන chances නැති කරනවා. ආස තැනක යන්න හිටියොත් ඒවා කැන්සල් කරනවා. ඒ වගේ අපි ආසම නැති punishments set එකක්ම තිබුනා එයාට.
අනික එයාගෙ කටහඬ, ඉන්න හැටි වගේ දේවල් නිසත් අපි එයා කියන දේවල් සද්ද නැතුවම කලා. හරියට නිකං මොකද්දෝ අදෘශ්‍යමාන බලවේගිකින් එයා අපිව පාලනය කලා වගේ.

මානස (Completed)Where stories live. Discover now