"ආ.. ඔව්මයි අම්මා මතක් කරපු එකත් හොඳයි.
අයියෙ,
බඩු ටික එහෙනම් පැක් කරමු නේද?"මං දත් මිටි කාගෙන අයියගෙන් අහද්දි ඒ මෝඩයා ලා හිනාවක් දාගෙන ශේප් එකේ කුස්සියට රිංගගත්තා.
ඕකටම වෙලා හිටපං අයියෙ තව සතියක් විතර යනකල්!
නැත්තම් මං ඇඟේ කෑල්ලෙන් කෑල්ල හම ගහලමයි කඩාගෙන කන්නෙ!මදැයි ඉතින් අද විභාගෙ ඉවර වෙච්ච එකේ මගේ රෝස මලත් තුරුල් කරගෙන හුරතල් වෙන්න බලාගෙන හිටියා!
"අයියා මොකටද?
පුතාගෙ බඩු තියෙන තැන කියන්නකො.
මං ඔක්කොම ටික දාගෙන එන්න."ඒ අම්මා.
මට ඉතින් මේවට නගින්නෙ මගේ සත්ගුණවත් ස්වාමිපුරුෂයත් එක්ක තමයි.
හැමෝගෙම දුක්ගන්නා රාළ වෙන්න යනවනෙ එයා!"අයියෙ මේ...
අම්මා බඩු ටික පැක් කරලා දෙන්නම්ලු.
බෑග් ටික එයාට දෙන්නකො එහෙනම්.
ඒක අපිටත් ලේසියිනෙ."මං කෑගැහුවට මොකද අර ගොන් වහන්සෙගෙන් මීක් සද්දයක් නෑ.
හිටපියකො මං උඹව අල්ලගන්නවා අයියෙ අදනම් චූ යන්නම දෙන්න!"ධ්‍යාන් පුතාගෙ බෑග් මොකටද ගන්නෙ.
මේ තාත්තයි මායි ගෙනාපු බෑගෙකට පුළුවන් තරම දාගන්නම්.
තව ඕන කරන ජාති තියෙනවා නම් එහෙන් ගන්න බැරියැ.""එහෙම බෑනෙ අම්මෙ.
මෙහෙන් සීතලට අඳින ඇඳුම් එහෙම අරන් යන්න වෙනවා.
නැත්තම් ප්ලේන් එකෙන් එලියට බහිද්දි අපිව ගල් වෙලා මැරෙයි.
ඉතින් ඔය චූටි මල්ලෙ අරන් ගිහින් හරියන්නෑ.
අනික අයියගෙයි මගෙයි දෙන්නගෙම ඇඳුම් දාගන්න ඕකෙ කොහොමටත් ඉඩ නෑ."ඔන්න දැන් අම්මා වලියට එන්ටර් වෙන්නයි යන්නෙ.
දත් මිටි කාගෙන මූණ පුළුටු කරගෙන ලෑස්ති වෙන හැටියෙන්ම මට කියතැහැකි.
හැබැයි අම්මෙ ඔයා අමතක කරන්න එපා ඉතින් මේ ඉන්නෙත් ඔයාගෙම පුතා කියන එක!"ධ්‍යාන් ගැන ඒ ළමයගෙ දෙමව්පියො බලාගනී.
අපි ආවෙ උඹව එක්ක යන්න.
ඒ නිසා විකාර කතා නොකර ගන්න ඕනෙ බඩු ටික අරන් වරෙන් යන්න!""මොන මගුලක්ද අම්මෙ කියවන්නෙ?
තාම ටිකට් බුක් කරලත් නෑ.
දැම්ම ගිහින් එයාපෝට් එකේ පදිංචි වෙන්නද?"