"අඩෝ මීරෝ....
ඉන්න බෑ #කෝ
ජොනාගෙන් හරි ටිකක් ඉල්ලං ගෙනත් දියංකො බං!
ආ...හ්!
ඌ...හ්!!!""මොකද්ද හු#තො තෝ කලේ රෑ තිස්සෙ?
හැ#නෙන්න ගියාද මොකෙක් එක්ක හරි?
යකෝ මෙච්චර අමාරු වෙනකල්?
උඹට නම් පයිත්තියං හු#තො!!""කටපියාගෙන ගිහින් ගෙනෙං බල්ලො!
නැත්තම් මං තොගෙ ඇ# දෙක මිරිකරලා හරි බොනවා.
ඉන්න බෑ හු#තො මැරෙන්න වගේ!
ආ....හ්!"
.
.
.
.
.
"ආ!
කෙලින්ම විදගනිං!
අමාරු අඩු වෙලා යයි.
මොකද්ද උඹ රෑ තිස්සෙ කලේ?""මොකුත් නෑ බං!
බීච් ගියා...හ්
දන්නෙම නැතුව එතන නින්ද ගිහින්.
ආ...හ්!!
අමාරු වෙද්දිනෙ #කෝ ඇහැරුනේ."මීරා මගේ දිහා බැලුවෙ අමුතුවට.
ඔව් ඉතින් ඒ බොරුව අතේ පැලවෙන එකක්.
ඒත් දැන් ගැලපෙන බොරුවක් ගැන හිතන්න තරම්වත් ඔළුව හොඳ නෑ මගේ.ඇඟ රිදෙනවා මැරෙන්න වගේ.
හැබැයි හිත රිදෙනවා ඊටත් වඩා.ඇයි මට අරූව ආයෙම මුණ ගැහුනෙ?
ඇයි මං ඌව ආයෙම ලං කරගන්න හැදුවෙ?
ඇයි ඒ මූණ දිහා බලාගෙන භාවනා කර කර හිටියෙ?
ඇයි ඌ හීනෙන් ඉකි ගහ ගහ අඬද්දි ඒ කඳුළු පිහිදැම්මෙ?
ඇයි? ඇයි? ඇයි?
ඇයි මං එහෙම කලේ?ඌ මෝඩයෙක්!
ගොනෙක්!
පො#නයෙක්!
සේරටමත් වඩා මහා රැවටිලිකාරයෙක්!
ඌ මාව විනාස කලා!හැබැයි...
හැබැයි මීටත් කලින් විනාස වෙන්න ගිය මාව බේරගත්තෙත් ඌම නෙමෙයිද?
කාත් කවුරුත් නැතුව තනි වෙන වෙලාවට,
මුළු ලෝකෙම එක පැත්තක් වෙලා මාව කොන් කරන වෙලාවට හැමදාමත් මං වෙනුවෙන් හිටියෙ ඌම නෙමෙයිද?
සිද්ද වෙච්ච දේවල්වලට මං ඌටම බනින එක හරිද?ඇත්තටම ඌ ඌට පුළුවන් උපරිමේ කලානෙ.
මං ඌට ආදරේ කලාට ඌ ආදරේ කලේ අර කෙල්ලට වෙන්නත් පුළුවන්!
මං උන් දෙන්නගෙ මැද්දට පැන්නා වෙන්නත් පුළුවන්!
අරූගෙ පො#නකමට ඌට මට දෙකක් දීලා අයින් වෙයන් කියන්න බැරි වුනා වෙන්නත් පුළුවන්!ආ...හ්!
මං දන්නෑ!
මට දැන් ඕවා වැඩකුත් නෑ.
ඌ උගේ ජීවිතේ ගෙනියයි.
මං මගේ ජීවිතේ ගෙනියනවා.
පරණ හැමදෙයක්ම වලලලා දාන්නයි තියෙන්නෙ.ආයෙම වැරදිලා හරි ඌව පාරකදි දැක්කත් මගෑරලා යන්න ඕනෙ.
මොකද ඌටයි මටයි එකතු වෙලා ලියන්න කතාවක් තවත් ඉතුරු වෙලා නෑනෙ.