පහුවදා උදේ කාමරේ දොරට තට්ටු කරන සද්දෙට තමයි අයියයි මමයි දෙන්නම ගැස්සිලා ඇහැරුනේ.
"Stay here and study my Cutie...
I'll bring your breakfast asap!
Not gonna be late like yesterday.
Love you...."මගේ morning kiss එකත් දිගෙනම අයියා අතට අහුවෙච්ච පලවෙනිම ඇඳුම ඇඳගෙන එලියට දිව්වා.
ඒක මං හිතන්නෙ මගේ ඇඳුම!
අනික කනපිට ගැහිලා තිබුනෙත්!අනේ මන්දා..
නැන්දම්මට උදේ පාන්දරම සන්නියක්වත් හැදෙයිද කියලා.
මොකද ඒකෙන් තමයි ඊයෙ මම තෙතබරියං වෙච්ච අපේ ඇඟවල් දෙක පිහිදැම්මෙ.
අයියා නම් ඒ වෙද්දිත් නිදි!
නැත්තම් එයා ජීවිතේට එහෙම වැද්දො වගේ නිදාගන්නෑනෙ.
මාත් එලෝ මෙලෝ සිහියක් නැතුව තෙත ටීශර්ට් එක කකුල් දෙක අස්ස ගහගෙන නිදාගත්තෙ.
ඒක තමයි ඔය අයියා පාන්දරින්ම ඇදලා අරන් ඇඳගත්තෙ.
බතික් කලා වගේ ඇති හැබැයි අයියව.ඇඟ පුරා රතු රටා...
ඇඳුමෙ කහ ගෑවිලා...
වාහ්!
ඔය කිව්වෙ ලස්සනට!
බලං ගියාම තඹරු කියන්නෙ පට්ටම කවියෙක්නෙ!!!ගිය වේගෙන්ම අයියා විනාඩි පහක් යන්න කලින් අනිත් පැත්තට දුවගෙන ආවා.
ඇඳගෙන හිටපු ඇඳුම ගලවලා කිළුටු රෙදි බාස්කට් එකට විසික් කරලා අළුත් ඇඳුමක් ඇඳගෙන ආයෙම දිව්වා.
මං පණ යනකල් හිනා වුනා.
නපුරු හාවා මට එරෙව්වා.
හැබැයි ඉතින් එරෙව්වට වැඩක් නෑ කිරිසුදු හාවො,
ඔයාගෙ පිරිසිදුකමේ තරම දැන් අපි දන්නවා...ඉතින් කිව්වත් වගේම පැය බාගයක් යන්න කලින් දුම් දාන තේ කෝප්පෙකුත් එක්ක කටට කෙල උනන sandwiches තසිමක් මගේ කාමරේට වැඩම කලා.
මේවා නම් පූරුවෙ කරපු පිං තමයි.
අර අංකල්ට ආන්ටිට එහෙම පපුවෙ අමාරු හැදීගෙන ගිරිය යටින් හූ තියන්න වෙන එක පට්ටම සාධාරණයි.
ඇහේ තියාගෙන මලක් වගේ හදපු කොල්ලා කොහේද යන නසරානියෙකුට අතට පයට වැඩ කරලා දෙන වැඩකාර කොළුවෙක් වුනා කිව්වම!මාත් ඉතින් මාළිගාවෙ ඔටුන්න හිමි කුමාරයා වගේ කාලා බීලා රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා අවශ්‍ය කරන දැනුම ලබා ගැනීමේ මහා මෙහෙයුමේ නිරත වුනා.
මගේ ගාඩියන් ඒන්ජල් වැඩකාර කොල්ලා ගෙවල් අස් කරලා, රෙදි හේදෙන්න දාලා, ඒවා වනලා, නවලා, අරන් තියලා,
මට උරහිස් මසාජ් එකකුත් දුන්නා.
දෙයියනේ!
දෙයියනේ!!!
මේවට තමයි පිං පල දෙනවා කියන්නෙ.
අර මුඩුක්කුවක් අස්සෙ ඔහේ ලැගලා හිටපු එකාට මෙච්චර වාසනාවක් තිබිලා කිව්වම!!!
හිතාගන්නවත් බෑ.