මට ඇහැරෙද්දි දවලුත් වෙලාද කොහෙද!
ඉතින් ඇහැරිච්ච ගමන්ම මං කලබලෙන් හෙව්වෙ අයියව. ඒත් එයා නම් පේන්න නෑ.හැබැයි ඇඳ ලඟම චූටි මේසෙක පාන්, butter, sausages, mashed potatoes, cheese එහෙම දාපු ලොකු පිඟානක් තිබුනා.
English breakfast එකක් වගේ!
මගේ හාවා අද මුළු දවසම මාව surprise කරනවද මන්දා.
කෑම පිඟානත් එක්කම ලස්සන රතු රෝස මලකුත් තිබුනා.To - my cutest little husband (Papi ❤)
ඔන්න ඔහොම ඒකෙ රෝස පාට chit එකකුත් අලවලා තිබුනා.
තව මොනවදෝ juice එකක් දාපු වීදුරුවක් එක්කම චූටි වතුර බෝතලේකුයි, දුම් දාන coffee එකකුයිත් මේසෙ උඩ තිබුනා.ඇත්තටම දැන් නම් මං ඉන්නෙ යක්කු පන්සීයක් වුනත් මරාගෙන කන තරම් බඩගින්නෙ.
ඇයි ඉතින් අර වල් හාවත් එක්ක ඔට්ටු වෙනවා කියන්නෙ එසේ මෙසේ සෙල්ලමක් නෙමෙයිනෙ.
අන්තිමේ ටැප් ලීක් වෙලා ලීක් වෙලාම විජලනය වෙලා මැරිලා යන තත්වෙට වැටෙන්නෙ.
වාසනාවට වගේ විභාගෙ නිසා මං බේරුනා.
නැත්තම් මේ වෙද්දි මොනා වෙලා ඉඳීද මන්දා!
ඇත්තටම මං මේ හාවට රැවටිච්ච රැවටිල්ලක් ගැන තාමත් කල්පනා කරන්නෙ!කොහොම වුනත් ඉතින් මං බඩ පැලෙන්නම කෑවා.
මොකද අනාගතේ ගැන හිතද්දි ශරීර ශක්තිය සෑහෙන්නම වැදගත්.
මේ හාවගෙ ගානටම මාත් එන්න ඕනනෙ.
පොඩ්ඩ ඇත්තම් සෙම පෙරාගෙන ෆිට් එක හදාගෙන මැරිලා වැටිලා බෑ!අනික මේවා පුදුම රහයි.
හාවා මොනා කරලා හදනවද මන්දා!
එයාගෙ දිව්යමය කෙල වලින්වත් ටිකක් දානවා ඇතිද?
නැත්තම් ඉතින් මට මෙහෙම හදන්න පුළුවන් වෙන්න ඕනනෙ.
ඒත් මං හදන කෑම මෙලෝ යකෙකුට තියා පාරෙ ඉන්න බල්ලෙකුටවත් කන්න බෑ.
හරිම අසාධාරණයි.
දවසක හොරාට බලාගෙන ඉඳලා හා පැටියගෙ secret ingredients ටික හොයාගන්න ඕනෙ.මං කකා ඉන්න අතරෙදි ඔන්න මගේ වල් හාවා පැටියත් කාමරේට ඔළුව දැම්මා.
"How are you cutie?
Are you tired?"ඔන්න ඉතින් පුළුං ගෙඩියක් වගේ එයා මගේ එහා පැත්තෙන් වාඩි වෙලා මාව තුරුල් කරගත්තා.
"No!
I feel energetic.
How about you ayye?
Did you eat?
Shall I feed you?"පණ නැතුව ඇදගෙන වැටුනත් මේ නසරානියට නම් ඒවා කියන්න යන්න නරකයි.
ගැම්මටම ඉන්න ඕනෙ.
ඇයි යකෝ මේකට තියෙන අමාරුවෙ හැටියට මං ශොට් තුන හතරකින්ම පත බෑවෙන එකෙක් වෙලා බෑනෙ.