........𝙻𝙾𝚅𝙴 𝙱𝙴𝚈𝙾𝙽𝙳 𝚃𝙷𝙴 𝙷𝙴𝙰𝚁𝚃 🫀♥️.......💗"Love extends beyond the heart, weaving a tapestry that connects souls in a dance of understanding and compassion."💗
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
"චොකලට් ඩෝනට්ස් දෙකයි කැපුචිනෝ දෙකයි...ආ තව ඇපල් කේක් එකයි.... මේ උඹටත් ඕනද ඇපල් කේක්..."
"නෑ..නෑ...මට එපා"....
"එච්චරද සර් ඕඩර් එක".....
"ඔව්.....එච්චරයි..."
"යකෝ ඇපල් කේක් එක රහයි පගෝ කාපන් ඒක කෑවම ඇගට අමුතු මෙව්වා එකක් එනවා..."
එකපාර පස්ස පැත්තට සද්දෙන් වැදුනු පාර හින්දා මං නැගිට්ටා.....නැගිටලා බලද්දි ඉන්නේ ඇදෙන් බිම...
"සුදු පුතා මං දැන් කීයේ ඉදන්ද කතාකරන්නේ අද නේද යුනිවර්සිටි යන පලවෙනි දවස..."
මං පෙරේරා ඇන්ඩ් සන්ස් එකට ගිහින් ඇපල් කේක් කන හීනයක් දැක දැක හිටියේ කොහෙද ඉතින් අම්මා ඇවිත් දුන්නානේ පුපට එකක්....
"හරි හරි අනේ නැගිටින්නම්...තව විනාඩි පහයි ඈ..බලන්නකෝ අප්පා නිදහසේ පැණිරස හීනයක්වත් බලන්න දෙන්නේ නෑනේ...."
හීනෙන් පේන්නෙත් එසේ මෙසේ ඒවද ....."හලෝ..."
"හලෝ නෙමේ පගෝ තෝ ලෑස්ති වුණාද...මං ගේ ලගට එනවා ඒ වෙද්දි ලෑස්ති වෙලා හිටියෙ නැත්තන් තෝව දාලා යනවා මං..."
"අනේ නිකන් පලයන් තීනු...තෝ පලවෙනි දවසේ තනියෙන් යන්නම එකා...."
කෝල් කරේ මගේ අතිජාත පාප මිත්‍රයා...තීනු ඌ තමා මගේ හැම කුපාඩි වැඩකටම උදව් කරන එකා..අපි මොන්ටිසෝරි යන කාලේ ඉදන්ම එකට ඉන්නේ.....
අද තමා මං යුනි යන පලවෙනි දවස...අද ඔරියන්ටේශන් එකනේ.....
ආ....මං ඔයාලට කිව්වේ නෑනේ මං කවුද කියලා...මං තමා ශයේල් තීර්ථ සෙනවිරත්න...මට අවුරුදු 22...තාම ඉතින් අම්මාගේ සූටි පුතා...
---------------------------
ශයේල් තීර්ථ සෙනවිරත්න....
අවුරුදු 22
First year at the University (Faculty of Law)
කාඩ් එක - වරු
සෙතිනු සුවහස් රාජපක්ශ (තීනු)
අවුරුදු 22
ශයේල්ගේ අමුඩේ (අමුඩේ මීන්ස් හොදම යාලුවා)
First year at the University (Faculty of Law)
කාඩ් එක - ඕමි
ලිතිරු අභිසෙස් මිහිදුකුලසූරිය (අභි)
අවුරුදු 24
Last year at the university
කාඩ් එක - බැටි
චනිරු ආශිංස වික්‍රමසිංහ (ආශි)
අවුරුදු 24
අභිගේ හොදම යාලුවා
Last year at the university
කාඩ් එක - චිමිනි
මියුෂි තිහස්යා පෙරේරා
අවුරුදු 20
First year at the University (Faculty of Humanities and Social Sciences)
කාඩ් එක - දගරි---------------------------
මං ආවා ආය 😌♥️
Thank you මාත් එක්ක ඉන්නවට මගේ රීඩර්ස්ලා ටික 🥺♥️.....කුනුහරපයක් දෙකක් කිව්වට තරහ වෙන්න එපා හොදේ..මගේ සූකිරි බට්ටියෝනේ ඉතින්... කුනුහරප කියන ඒවා මොනාද කියලවත් දන්නේ නෑනේ දෙයියෝ.....🌝
ඔන්න ඔයාලා කිව්ව හින්දා ටේකුක් කරා🥰
මේකත් කියවන්න මගේ බබුස්ලා ටික.......♥️🥰
අයි ලබ් යූ😘😘😘😘
YOU ARE READING
🖤Love beyond the Heart (ᴛᴋ / ʏꞮᴢʜᴀɴ )හදවතින් ඔබ්බට ආදරය🤎🐻
Non-Fiction"ආදරෙන් පැරදුනු මිනිස්සුම නෙමේ රස්තියාදු නිකොටින් කටගහන්නේ...🚬සීතලටත් නිකොටින් දල්වන මිනිස්සු ඉන්නවා අයියේ...ඒ වුනාට ඒ රස්තියාදු නිකොටින් කොටයක් වගේද උණු උණු කැෆේන් එකක්...ඒක මුලු ඇගම ගිනියම් කරලා මතක පිස්සු වට්ටනවා...ඉතින් මම තෝරගන්නේ නිකොටින්ද නැ...