............ⱠØVɆ ฿ɆɎØ₦Đ ₮ⱧɆ ⱧɆ₳Ɽ₮🫀♥️.........
"පිරිමින්ගේ ආදරය ප්‍රභේදයක් පමණක් නොව, ස්ත්‍රී පුරුෂ භාවය සහ සමාජ සම්මතයන් ඉක්මවා යන මිනිස් හැඟීම්වල සංකීර්ණත්වය සහ සුන්දරත්වය පිළිබිඹු කිරීමකි."🤍
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
"අනේ බබි යන්නම ඕනේද....හයියෝ මං කොහොමද ඉන්නේ දවස් දෙකක්...මට බෑ....."
"අඩන්නේ නැතුව ඉන්න සූකිරියෝ දවස් දෙකයිනේ...අනික දවල්ට එනවනේ ඔයා..."
"බෑ මට පාලුයි..."
"කෝ දැන්වත් අතාරින්න මට යන්න දීලා කෝ ඉතින්..."
"ම්හ්...."
"කෝ යමු දැන්..."
"ආශි මං ඔෆිස් එකට යනවා...තීනු එක්ක කාලා ගෙදරට වෙලා ඉදහන්...අරහෙ මෙහෙ යන්න එහෙම එපා..."
"හරි බං...මල්ලි අද එන්නේ නැද්ද?....."
"නෑ අයියේ වැඩ ටිකක් තියෙනවා ඒ ටිකත් කරගන්න ඕනේ....මගේ අයියාව බලාගන්න හොදේ...කන්නෙ නෑ එයා වෙලාවට...ඒක ටිකක් බලන්න මං එනකල්.."
"ඒක තමා මුගේ මූණ මෙහෙම තියෙන්නේ...හරි බං කොල්ලෝ පරිස්සමට ගිහින් වරෙන්.."
"හරි අයියේ..."
අපි දෙන්නා ගෙදරින් එලියට බැස්සා..
"බබි ඇයි අනේ හදිස්සියේ ගෙදර යන්නේ.....මටත් වඩා ලොකු වැඩේ මොකද්ද ඔයාගේ.."
"සූකිරියෝ උසාවියේ පොඩි වැඩක් මං ආව ගමන් කියන්නම්කෝ ඒක..."
"හ්ම්.."
"කෝ ඉතින් හිනාවෙන්නකෝ දැන්වත්....බලන්න මූනේ හැටි.."
"මට බෑ..."
"එහෙනම් මං එන්නෙම නෑ ආය.."
"බෑ......කොහොමද එහෙම කරන්නේ..."
"සූකිරියෝ හෙට එනවනේ මාව බලන්න....එන්න ඕනේ හරිද?...මාත් මේ ආසාවකින් නෙමේ යන්නේ ගියාට.."
"හා...දවල්ට එනවා එක්කන් යන්නම..."
"ම් දැන් ඔෆිස් ගිහින් කෑම එක කන්න ඕන හරිද?...තව රෑට සීතල වතුරෙන් එහෙම නාන්න එපා...ආශි අයියාවයි තීනුවයි බලාගන්න....ම් තව මං නෑ කියලා ඩ්‍රින්ක්ස් ගන්න එහෙම ලෑස්ති වෙන්න එපා....මං ආශි අයියාගෙන් කෝල් කරලා අහනවා....තව මොනාද කියන්න තියෙන්නේ...ආ ඔෆිස් එකේ වැඩ කියලා රෑ වෙනකල් ඉන්න එපා ඉක්මනට ගෙදර යන්න...මෙන්න කුඩේ තියෙනවා වැස්සොත් තෙමි තෙමි දුවන්න එපා...මම හෙට උදේ ඔෆිස් ඇදුම් ටිකත් අයන් කරලා ලගටම තියලා ආවේ...හරියට ටයි එක දාගන්න ආශි අයියාට හරි කියලා..."
YOU ARE READING
🖤Love beyond the Heart (ᴛᴋ / ʏꞮᴢʜᴀɴ )හදවතින් ඔබ්බට ආදරය🤎🐻
No Ficción"ආදරෙන් පැරදුනු මිනිස්සුම නෙමේ රස්තියාදු නිකොටින් කටගහන්නේ...🚬සීතලටත් නිකොටින් දල්වන මිනිස්සු ඉන්නවා අයියේ...ඒ වුනාට ඒ රස්තියාදු නිකොටින් කොටයක් වගේද උණු උණු කැෆේන් එකක්...ඒක මුලු ඇගම ගිනියම් කරලා මතක පිස්සු වට්ටනවා...ඉතින් මම තෝරගන්නේ නිකොටින්ද නැ...