............LOVE BEYOND THE HEART 🫀♥️............
"මගේ ජීවිතේ හමුවුනු ආදරණීයම පිරිමි ආත්මයට ලියමි...."
සදාකාලයටම දෝතින්ම තුරුලු කරගැනීමට නොහැකි වුවද ඔබව මතු සෑම ආත්මයකම සිද්ධාර්ත කුමරුන් යශෝදරාව පැතුවා සේම මමද ඔබව පතමි....මා යශෝදරාවක් නොවේ...කිසිදිනක මාහට එලෙස වීමටද නොහැක..නමුදු සෑම තැන්හිම මා හට ඔබ සමගම ශක්තියක් වී සිටිය හැක...ඉතින් මගේ ආදරණිය පිරිමි ආත්මය සැමවිටම ලොව බලාසිටින්නේ ඔබට පමණක් මැවිය හැකි ඒ මායාව දැකීමටය.....නුඹ වෙනුවෙන්ම මාගේ හද තුල වැඩෙනා ප්‍රේමය සදාකලිකය.....
- ශයේල් තීර්ථ සෙනවිරත්න.....
මං පොත වහලා දාලා නැගිටලා ගියේ තීනුවා හොයන්න..මං යද්දි තීනුවා බැල්කනි එකට වෙලා කොහෙදෝ බලාගෙන බර කල්පනාවක...
"තීනූ.....මොනාද බං ඔය බලන්නේ උඹ..."
"උඹට පේනවද අර පොඩි උන් දෙන්නාව..."
"අඩේ අයියායි මල්ලිද කොහෙද බං...බලපන්කෝ මල්ලිව වැස්සට තෙමෙයි කියලා උස්සන් දුවන හැටි..."
"මට ඒක දැකලා මල්ලිව මතක් වුනා බං..."
"තීනුවා....මල්ලිට උඹ ගොඩක් ආදරෙයි නේද?..."
"ඔව් බං...ඒකා හරිම වසයි කොයිවෙලෙත් මාත් එක්ක රණ්ඩුවටම තමා...මං ඌට මාර ආදරෙයි බං...පව් මගේ අහිංසකයා.."
"තීනුවා මල්ලිත් එදා නැතිවුනාද බං..."
"හ්ම් එයාව නර්සරි අරන් එන්නනේ අම්මායි අප්පච්චියි ගියේ..."
"පව් නේද පුංචි ඇතිනේ ගොඩක්...සක්කිලි බල්ලෝ කොහොමද දන්නෑ ඒ පොඩි එකාව මරලා දැම්මේ.."
"පොඩි කියන්නේ මාත් පොඩිනේ බං...මට තේරෙන්නෙත් නෑ අම්මායි අප්පච්චියි මල්ලියි නෑ කිව්වාම..."
"හ්ම් දෙවියොත් මහ අමුතුයි බං....ජීව්තේට කොයිවෙලාවෙත් ප්‍රශ්න දෙනවා...මිනිස්සුන්ටත් හැගීම් තියෙන්නේ කියලා තේරෙන්නේ නැතුවද මන්දා දරාගන්න සීමාවත් ඉක්මවලා ගිහින් ප්‍රශ්න දෙන්නේ.."
"ඒක ඇත්ත බං...මට දුක මගේ ප්‍රශ්න වලට උඹලාත් පව් ගෙවන එක තීර්...උඹ පව්..මං හින්දා ..."
YOU ARE READING
🖤Love beyond the Heart (ᴛᴋ / ʏꞮᴢʜᴀɴ )හදවතින් ඔබ්බට ආදරය🤎🐻
Non-Fiction"ආදරෙන් පැරදුනු මිනිස්සුම නෙමේ රස්තියාදු නිකොටින් කටගහන්නේ...🚬සීතලටත් නිකොටින් දල්වන මිනිස්සු ඉන්නවා අයියේ...ඒ වුනාට ඒ රස්තියාදු නිකොටින් කොටයක් වගේද උණු උණු කැෆේන් එකක්...ඒක මුලු ඇගම ගිනියම් කරලා මතක පිස්සු වට්ටනවා...ඉතින් මම තෝරගන්නේ නිකොටින්ද නැ...