"තීර්....උඹට හොදටම අමාරුයිනේ බං.... අද යන්න එපා..."
"හ්ම්.....මට අමාරු නෑ බං....යන්න දීපන්කෝ...තව එක නඩු වාරයයි තියෙන්නේ..".
"ඔය මගුල නවත්තපන් බං...මට බෑ උඹ මෙහෙම දුක් විදිනවා බලන්න...."
"කටවහන් ඉදපන්....මෙච්චර දුක්විදලා අන්තිමේ අතඇරලා දාන්න කියන්නේ පිස්සුද උඹට..."
"උඹට කෙලින් හිටගන්නවත් බැරුව කොහොමද ඔහොම යන්නේ...මාත් එන්නද උඹ එක්ක..."
"එපා...කොහොමහරි මං යන්න ඕනේ...උඹ පරිස්සමට ඉදහන් කවුරු ආවත් දොර අරින්න එපා.."
"හ්ම්..පරිස්සමට ෆෝන් එක ඕෆ් කරගන්න එපා..".
මට හරි අමාරුයි...ඊයේ විනාඩියක්වත් මං නිදාගත්තේ නෑ...අයියා නැතුව මට ඉන්න බෑ දෙයියනේ....මම මේ පැය ගාන ගෙවාගත්තේ ගොඩක් අමාරුවෙන්...මැරෙන්න හිතෙනවා මට....මගේ ඇග තලලා දාලා වගේ...කෙලින් හිටගන්නවත් පණ නෑ....උදේ පාන්දර කාලක් ගහපු නුගේගොඩ කලර් ලයිට් හිගන්නෙක් වගේ වැනි වැනි මං උසාවියට ආවා....ඒ අස්සේ මගේ ඔෆිස් එකෙන් මට යන්න වෙලා...දැන් අලුත් ඔෆිස් එකක් හොයාගන්නත් ඕනේ...මට තේරෙන්නෑ මොනවා කරන්නද කියලා....අයියා හිටියනම් මේ කිසිම දෙයක් වෙන්නෑ...එයා මට හැමදේම බලලා කරලා දෙනවනේ...
නඩුවෙන් පස්සේ මං කෑම කන තැනට වෙලා ඉදගෙන හිටියා....මට මහන්සියි....ඇගට පණත් නෑ....තීනුවට කෑවා කියලා බොරු කියලා කෑම එකත් ඩස්බින් එකට දැම්මා....දාඩිය හින්දා මං ටයි එක ලූස් කරන් බට්න්ස් දෙකකුත් ගැලෙව්වා...
මං එකපාරම පුටුවෙන් වැටුනේ මගේ කන හරහා වැදුන පාරක් නිසා....ඇස්වලින් කදුලුත් එනවා පාරේ සැරට
"ආවූ..."
"ඔයාට දැන් අයිතියක් නෑ මිස්ටර් මිහිදුකුලසූරිය එයාට ගහන්න..."
අයියා මට ගහලා තියෙන්නේ...මං හිමීට කම්මුලත් අල්ලන් නැගිට්ටා...ශෙල්ටන්කාරයා මං දිහා ජරා විදියට බලාගෙන ඉන්නවා..."මිස්ටර් ශෙල්ටන් කොහොමද එහෙම කියන්නේ...හහ්...මගේ අයිතිය ගැන කතාකරන්න තමුන් කවුද අනික...යනවා අයිසේ වැඩක් බලාගෙන.."
YOU ARE READING
🖤Love beyond the Heart (ᴛᴋ / ʏꞮᴢʜᴀɴ )හදවතින් ඔබ්බට ආදරය🤎🐻
No Ficción"ආදරෙන් පැරදුනු මිනිස්සුම නෙමේ රස්තියාදු නිකොටින් කටගහන්නේ...🚬සීතලටත් නිකොටින් දල්වන මිනිස්සු ඉන්නවා අයියේ...ඒ වුනාට ඒ රස්තියාදු නිකොටින් කොටයක් වගේද උණු උණු කැෆේන් එකක්...ඒක මුලු ඇගම ගිනියම් කරලා මතක පිස්සු වට්ටනවා...ඉතින් මම තෝරගන්නේ නිකොටින්ද නැ...