Chapter 47🤎🐻

186 25 14
                                    

...............ŁØV€ β€¥ØŇĐ ŦĦ€ Ħ€ΔŘŦ 🫀♥️............

💜"Love goes beyond the heart, weaving its magic through the fabric of our lives"💜

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

"කෙහෙල්මලට ජයවේවා...කෙහෙල් ගෙඩිත් වැජබේවා...කෝලිකුට්ටු පරම්පරාවේ කෝලිකුට්ටුලා ආවා..."

"ආශ්.....කවුද මේ කෑගහන්නේ.."

මං ඇදේ ඉදගෙන කෝලිකුට්ටු සහෝදරයෝ බලබල හිටියේ...සූකිරියා කොට්ටෙන් කන් දෙකත් වහගෙන කෑගහනවා...

"අයියෝ බබි....සීතලයි නේද ශර්ට් එකකුත් නෑ....කෝ මෆ්ලර් එක..."

"අයියෝ ඔලුවත් පොරවන්නේ පිස්සුද?.."
අයියා බ්ලැන්කට් එක අරගෙන මගේ ඇග වටේට දාලා ඔලුවත් වැහෙන්න එතුවා...

"පිස්සු තමා සෙම හැදුනොත්....ගිය සතියේ අරන් දුන්න මෆ්ලර් එකත් නැති කරගෙන නේද?....බබි ඔයාට නම් කියලා වැඩක් නෑ..."

"මෆ්ලර් එකක් දාගෙන යන්න මං තොත්ත බබානේ..."

"තොත්ත බබෙක් තමා...නැත්තන් මේ කසාද බැදලා ළමයි ඉන්න ඕන කාලෙක උදේ පාන්දර නැගිටලා කාටුන් බලයිද..."

"බබෙක්ද ඕනේ එන්න අපි දැන් හදමු..."

"ඇයි උඹ බබ්බු හදන මැශින් එකක්ද?..

"මේ සූකිරියෝ ගුටි කන්න එපා හරිද?.."
මං අයියාගේ ඇගට පැනලා බෙල්ලෙන් අල්ලගත්තා...

"කෝ අයින් වෙනවා මගෙන් ගුටිනොකා....උඹ එක්ක මොන ළමයිද?...මං දැනටත් ළමයෙක් නේන්නම් බලාගන්නේ...තව නම් ළමයි එපා මේ විදින වදේට.."

"එපාද?...අපි ට්‍රයි එකක් දීලා බලමු එන්න....කාලෙකින් ට්‍රයි කලෙත් නෑනේ.."

"ම්...වෙලාවත් තියෙනවා හැබැයි..."

"සූකිරියෝ ඔයා නම් මහා..."

"ඔව් මහා තමා බබි....ඔයා දන්නවනේ මගේ කොහෙවත් පොඩි නෑ කියලා..."

"අයියේ....ඇත්තටම අයියාට බබෙක් ඕනේද?.."

"ඇයි බබි එහෙම අහන්නේ..."

"ම්...මේ නඩුව ඉවර වෙනකල් මට කල් දෙනවද?..."

"ඇයි බබි ඒක ඉවර වෙනකල් කල් ඉල්ලන්නේ..."

"මට දැන්මම බබෙක් ගැන හිතන්න බෑ අයියේ...මට බය හිතෙනවා...මං ආසයි අපි දෙන්නාගේ බබෙක්ට....අපි රටකට ගිහින් හරි පුංචි පැටියෙක් හදාගමු....මට මේ ටික කාලේ දෙන්න.."

🖤Love beyond the Heart  (ᴛᴋ / ʏꞮᴢʜᴀɴ )හදවතින් ඔබ්බට ආදරය🤎🐻Where stories live. Discover now