.............. 𝙻𝙾𝚅𝙴 𝙱𝙴𝚈𝙾𝙽𝙳 𝚃𝙷𝙴 𝙷𝙴𝙰𝚁𝚃🫀♥️..............
💗"Solitude is where we discover the depth of our own company."😣
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
"පුතා......"
අප්පච්චි තීර්ට හරි ආදරෙන් කතාකරා....මටවත් කවදාවත් ඔහොම කතාකරලා නෑ...හුම්....මේකාට හැමෝම ආදරෙයිනේ....
මට තමා කවුරුත් නැත්තේ...එයාට මං හරි ඉන්නවා...."ඇයි මේ කෝ එන්න ......බයවෙන්න එපා එන්නකෝ...කෝ ඉතින් අභි අයියා කියන දේ අහලා එන්න..."
"මේ මගේ අප්පච්චිනේ බබි....ඇයි හැංගෙන්නේ...."
තීර් අප්පච්චි කතාකරද්දි ඇවිත් මගේ පිටිපස්සේ හැංගුනා...."එ-එයාගේ බඩ ලොකුයිනේ...එයා මාව ගිලීද?...."
"අපෝ නෑ.....එයා ලොකු ළමයිව ගිලින්නෑ...."
සමහර වෙලාවට තීර් පොඩි බබෙක් වගේ......ඒ වෙලාවට නම් හරි හුරතල්...ඒ වුනාට තීනුව මතක් උන ගමන් ආය කලබල වෙලා දගලනවා....දුවන්න හදනවා....
"මගේ චූටි පුතානෙ ඔයා....මං ඔයාව ගිලින්නෑ පුතේ...."
"ඔයා මට කැමතිද?..."
"ම්- ඕ....."
තීර් ටිකක් වෙලා කල්පනා කරලා ඔලුව වැනුවා..."අප්පච්චි එහෙනම් තීර්ව ටිකක් බලාගන්නවද?... මං ඉක්මනට අර වැඩේ කරගෙන එන්නම්...."
"හරි මම එයාව බලාගන්නම්කෝ...පරිස්සමට ගිහින් එන්න..."
"මේ ඉන්නේ ඔයාගේ පප්පා හරිද?...එයා කියන දේ අහගෙන හොද බබෙක් වගේ ඉන්න ඕනේ මං එනකන්..."
"පප්පා....."
"ඔව් පප්පා....."
"ජිම් පප්පාද..."
"හ්හ්හ්.....නෑ නෑ ජිම් පප්පා නෙමේ බං අයියෝ...."
අනේ මන්දා මේ කොල්ලා එක්ක ඉදලා මටත් දැන් මොලේ විකාර වෙලා ඉන්නේ.....ජිම් පප්පාද කියලාත් අහනවා...."මං එනකන් මෙයා එක්ක කතාකර කර ඉන්නකෝ ඔයා..."
මං ශයේල්ව අප්පච්චිට බලාගන්න කියලා එලියට ආවේ වැඩවගයක් කරගන්න....ශයේල්ව තනියම තියන්න බැරි හින්දා මගේ වැඩ එකක්වත් කරගන්න මේ ටිකේ වෙලාවක් තිබ්බෙ නෑ
"කෝ මෙහෙට එන්නකෝ පුතා..."
"ම්...."
"පුතා මාව දන්නවද?"
YOU ARE READING
🖤Love beyond the Heart (ᴛᴋ / ʏꞮᴢʜᴀɴ )හදවතින් ඔබ්බට ආදරය🤎🐻
Non-Fiction"ආදරෙන් පැරදුනු මිනිස්සුම නෙමේ රස්තියාදු නිකොටින් කටගහන්නේ...🚬සීතලටත් නිකොටින් දල්වන මිනිස්සු ඉන්නවා අයියේ...ඒ වුනාට ඒ රස්තියාදු නිකොටින් කොටයක් වගේද උණු උණු කැෆේන් එකක්...ඒක මුලු ඇගම ගිනියම් කරලා මතක පිස්සු වට්ටනවා...ඉතින් මම තෝරගන්නේ නිකොටින්ද නැ...