Chapter 46🤎🐻

199 25 95
                                    

............LOVE BEYOND THE HEART🫀♥️...........

"Pure love is a willingness to give without a thought of receiving anything in return." 💞

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

"සුදූ ඔයාට හරියටම ශුවර්ද ඒක Russian NGO එකක්ම කියලා.."

"ඔව් අයියේ ඉන්නකෝ ටිකක්..."

"මේ තියෙන්නේ ඒ රෙඩ් ෆයිල් එක...ඒකේ නම...SOS Children's village"

"ආ එහෙනම් හරි බං ආශි..."

"ඇයි අයියේ අනේ මගුල තේරෙන්න කියන්නකෝ..."

"බබි...අපි හොයාගත්ත ආයුධ ගබඩාව මතකයි නේද?... ඒකේ තිබිලා තියෙන්නේ රුසියාවට එක්ස්පෝර්ට් කරන්න තිබුන අලුත්ම වෙපන්ස් වගයක්..."

"හරි ඉතින් අභි අයියේ ඒකයි මේකයි අතරේ මොකද්ද තියෙන සම්බන්ධේ..."

"ඇයි බං තීනු එළහරකෝ පොඩ්ඩක් හිතපන්කෝ.....මෙහෙන් එහෙට වෙපන්ස් එක්ස්පෝර්ට් කරනවා කියන්නේ එහෙ හොද කනෙක්ශන් එකක් තියෙන කෙනෙක් ඉන්නවා කියන එකනේ..."

"ආ දැන් තමා මට තේරුනේ...එහෙනම් අයියේ ඌ තමා අපිව මරන්නත් මෙහෙ එකාට උදව් කරනවා ඇත්තේ...."

"ම්......ඒ කියන්නේ අපේ මාමාට...."

"ඔව්...."

"මේක මහ පටලැවිල්ලක්....ඇයි එයා මේකට සම්බන්ධ වුනේ කියලා මට නිකමටවත් තේරෙන්නෑ අයියේ...."

"ඔය මනුස්සයා මහා තණ්නාහකාරයා බබි...."

"තණ්නහාකාරයා වුනත් ඒ මනුස්සයාට මොකටද අයියේ මෙච්චර සල්ලි ගොඩක්.."

"ඒක මට තේරෙන්නෑ බබි තාමත්..."

"අභි අයියේ එයාට අපි දැනගන්න දෙන්න හොද නෑ අපි එයා ගැන දන්නවා කියන එක..."

"ඔව් අයියේ තීනු කියන එක හරි...ඔයා හිමීට එහෙ ගිහින් මියුශි එක්ක පොඩ්ඩක් එකතු වෙලා මේක ගැන ටිකක් හොයලා බැලුවා නම් හරි...මියුශිට නොදැනෙන්න අපි මේක කරන්න ඕනේ....මොනාහරි සාක්ශියක් හොයාගත්තනම් අපිට මේ මනුස්සයාව අතටම අල්ලගන්න තිබ්බා.."

"හ්ම් අපි බලමුකෝ...හැබැයි අපි හැමෝම මේ මොහොතේ ඉදලාම පරිස්සම් වෙන්න ඕනේ...ආශි තීනු විශේශයෙන්ම පරිස්සම් වෙන්න ඕනේ...අපි කට්ටියම එකට ඉමු....නෙලීශ උඹත් මොකද උඹගේ පස්සෙන් උනත් උන් ෆලෝ කරන්න ඉඩ තියෙනවා..."

🖤Love beyond the Heart  (ᴛᴋ / ʏꞮᴢʜᴀɴ )හදවතින් ඔබ්බට ආදරය🤎🐻Where stories live. Discover now