............LOVE BEYOND THE HEART........🫀♥️
"ආශ් මේ ට්‍රැෆික් එකත් මේ වෙලාවෙම සෙට් වුනානේ..."
"අඩේ පුලුවන් තරම් ඉක්මන් කරපන් ආශි......"
"අනේ අභි අයියේ මට කියන්නකෝ ඇයි මේ කලබලෙන් අත්තම්මාව බලන්න යන්නේ කියලා..."
"අනේ ඔව් කියන්නකෝ අයියේ.."
"දෙන්නම පොඩ්ඩක් කලබල නොවී ඉන්නකෝ....මේකයි නෙලීශයා මට කතාකරලා කිව්වා තීනුගේ අත්තම්මාට කරදරයක් වගේ ඉක්මනට ගිහින් බලන්න කියලා.."
"ඒත් අයියේ නෙලීශ අයියා කොහොමද ඒ ගැන දැනගත්තේ.."
"ම්...කොහොමද කියන්නේ බබි ඔයාට වෙඩි තියපු මනුස්සයාව නෙලීශ අල්ලගෙන තිබුනනේ...අපි උගේ මාර්ගෙන් හොයාගත්තා කවුද වෙඩි තියන්න ඕඩර් එක දුන්න එකා කියලා..."
"කවුද අයියේ ඒ අනේ මට කියන්න....ප්ලීස්....ඇයි එයා මට වෙඩි තියන්නේ මං මොකද්ද එයාට කරපු වැරැද්ද.."
"ඒ වෙන කවුරුත් නෙමේ බබි.....මට සමාව දෙන්න බබි මේ දේට...ඒ අපේ මාමා මියුශිගේ තාත්තා...ඔයා ඒ නඩුව භාරගත්ත එකටයි ඔයාව මරන්න හදලා තියෙන්නේ බබි..."
"ක-කවුද අයියේ.....ම්-මේ නිශ්ශංක අංකල් කරා කියලද අයියේ කියන්නේ ඔයා.."
"ඔව් බබි එයා තමා.....මට සමාවෙන්න බබි....මං කිව්වා බබි ඔයාට ඒ නඩුව භාරගන්න එපා කියලා...ඒකමයි මම ඔයා එක්ක රණ්ඩු වුනේ මට බය හිතුන නිසාමයි ඔයාට මං කිව්වේ වෙන උසාවියකට ට්‍රාන්සර් වෙන්න කියලා..."
"ඒක කීයටවත් වෙන්නේ නෑ අයියේ....මම තීනුට පොරොන්දු වුනා එයාගේ අප්පච්චිගෙයි අම්මාගෙයි මිනීමරුවට දඩුවම් කරනවා කියලා.....ඒ පොරොන්දුව මම කොහොමහරි ඉශ්ට කරනවමයි අයියේ..."
"අනේ තීර්.....ඇති බං මේක දැන් හොදටම ඇති මට තවත් උඹලා හැම දෙනාම මං හින්දා දුක් විදිනවා බලන්න බෑ බං.....දැන් හොදටම ඇති....අභි අයියේ උන් මාව මරලා දැම්මත් කමක් නෑ අයියේ...ඔයාලා මේ ප්‍රශ්නෙන් අයින් වෙන්න..."
"තෝ කටවහපන් තීනු..."
"ආශි වාහනේ ඇතුලට නොදා පාරෙන් නවත්තපන්....මං ඉක්මනට ගිහින් බලලා එන්නම්....බබි ප්ලීස් එන්න හදන්න එපා තීනුයි ආශි අයියායි එක්ක වාහනේට වෙලාම ඉන්න...ආශි මං බැස්ස ගමන් වාහනේ ලොක් කරපන්.."
YOU ARE READING
🖤Love beyond the Heart (ᴛᴋ / ʏꞮᴢʜᴀɴ )හදවතින් ඔබ්බට ආදරය🤎🐻
Non-Fiction"ආදරෙන් පැරදුනු මිනිස්සුම නෙමේ රස්තියාදු නිකොටින් කටගහන්නේ...🚬සීතලටත් නිකොටින් දල්වන මිනිස්සු ඉන්නවා අයියේ...ඒ වුනාට ඒ රස්තියාදු නිකොටින් කොටයක් වගේද උණු උණු කැෆේන් එකක්...ඒක මුලු ඇගම ගිනියම් කරලා මතක පිස්සු වට්ටනවා...ඉතින් මම තෝරගන්නේ නිකොටින්ද නැ...