"බබි.....ලෑස්ති වෙන්නකෝ ඉක්මනට..."
"හරි හරි අනේ....ආශි අයියා එනවා කිව්වද?...කෝ මුන් ෆෝන් එක ගන්නෙත් නෑ..."
"ඔයා ලෑස්ති වෙන්නකෝ උන් දෙන්නා කෙලින්ම එහෙට එන්නම් කිව්වා..."
උදේ පාන්දර සූකිරියාගෙන් බැනුමක් ඇහුවේ නෑ කියන්නේ කෑවේ නෑ වගේ...අද තමයි දවස...අවුරුදු ගානක් මං බලන් හිටිය දවස...ඡේ‍්‍යශ්ඨ නීතිඥ ලිතිරු අභිසෙසේ මිහිදුකුලසූරිය මට පරාද වෙන දවස අද.....මං ඕවර් කොන්ෆිඩන්ස් වෙලා වැඩේ අල කරගනීද දන්නෑ....බලමුකෝ...
"සුදු පුතා.....මගේ හොද පැටියා වගේ ආච්චි ලගට වෙලා ඉන්න ඕනේ හරිද?....කෝට් එක ඇතුලේ අඩන්න එහෙම එපා....බබි කියලා කෑගහන්න එපා මගේ පුතේ..."
කොල්ලට කියලා එක්කගෙන යන්න එපැයි...නැත්තන් මේකා යටගිරියෙන් කෑගැහුවොත් මාවත් බෙල්ලෙන් ඇදලා උසාවියෙන් එලියට දායි...
"චීනුයියා එනානේද බබා බලන්න.."
"ඔව් ඔව් බං...උඹව මං දැන් තීනුට දීලා වෙන ළමයෙක් ගන්නවා හදාගන්න...කොයිවෙලෙත් චීනුයියා චීනුයියා තමා..චීනුයියා නෙමේ ඕකා...."
මං ආරද්වත් ලෑස්ති කරලා මාත් ලෑස්ති වුනා...අද පින්කියි මියුෂියි දෙන්නත් ලංකාවට එන දවසනේ...
"බබී යමුද?.."
"හා..."
මං ඉක්මනට අයියා ලගට දුවලා ගිහින් ඔලුව පාත්කරා..."උම්මාාා...."
උම්මා එක ඉල්ලගන්න ඕනනේ...කිස් එකකුත් දුන්නා...ආරද්ට නම් දැන් ඒවා ගානක් නෑ...ඒකාගේ මහ එකාගේ හැටි දන්නවා....මං කොච්චර කිව්වත් ආරද් ඉස්සරහ ඕන්නැති වැඩ කරන්න එපා කියලා අහන්නෑ.."සුදු පුතා හොද බබා වගේ ඉන්න ඕනේ අද...නැත්තන් ගිහින් දානවා ආශි මාමාගේ ගෙදර..."
අපේ කොල්ලා ආශි අයියාගේ අප්පච්චිට මාර බයයි...ඌ කැමති නෑ එහේ යන්න.."අපා...බබා ගුඩ් බෝයි...අපා අප්පත්ති එහේ බබාව දාන්න අපා..."
"කොල්ලව බය නොකර ඉන්න අයියේ...පව්..."
අයියායි මායි ආරද්වත් අරන් උසාවියට ගියා...තීනුවයි ආශි අයියායි අපේ කට්ටියම ඇවිත් හිටියා...
YOU ARE READING
🖤Love beyond the Heart (ᴛᴋ / ʏꞮᴢʜᴀɴ )හදවතින් ඔබ්බට ආදරය🤎🐻
No Ficción"ආදරෙන් පැරදුනු මිනිස්සුම නෙමේ රස්තියාදු නිකොටින් කටගහන්නේ...🚬සීතලටත් නිකොටින් දල්වන මිනිස්සු ඉන්නවා අයියේ...ඒ වුනාට ඒ රස්තියාදු නිකොටින් කොටයක් වගේද උණු උණු කැෆේන් එකක්...ඒක මුලු ඇගම ගිනියම් කරලා මතක පිස්සු වට්ටනවා...ඉතින් මම තෝරගන්නේ නිකොටින්ද නැ...