11ᴄʜᴀᴘᴛᴇʀ~

78 11 1
                                    

"ගුක්!? "

ජන්ගුක්ට අැහුනා ටේයන්ගේ කටහඩ. එයා කතාකරන්න හැදුවා. එ්ත් එයාට දැනුනේ එයාගේ උගුරෙන් එහාට වචන එන්නේ නෑ කියලා! එයා හිතුවෙම එයා මේ දැන් මැරිලා අැදගෙන වැටෙයි කියලා. එ්තරම්ම වේදනාවක් එයාට දැනුනේ.

"ගුක්! ඔයා ඉන්නවද? "

ටේයන් නොසන්සුන් වුනු කටහඩ අැහෙද්දි ජන්ගුක්ගේ කටහඩ ලාවට ටේයන්ට අැහුනා. එ්ත් එ් කටහඩේ තිබුනු වේදනාව අදුනගන්න ගන්න ටේයන්ට වැඩිවෙලාවක් ගතුවුනේ නෑ. එයා වේගෙන් ජන්ගුක් ලගට ගියේ කලින් වුනු දේවල් අමතක කරලා. ටේයන් ජන්ගුක්ව අාපහු තමන්ගේ උකුලට අරගෙන එයාගේ නිකට ජන්ගුක්ගේ ගැහෙන හදවතින් තිබ්බේ ජන්ගුක්ගේ බොදුවුන අැස්වලින් මේ සියල්ලම එයාට පෙනෙද්දි . එයාට තේරුනේ නෑ මොනවද වෙන්නේ කියලවත්. එයාට ටික වෙලාවකින් දැනුනා එයාගේ වටේට නිල්පාට ඔ්රාවක් යනවා කියලා. ඔහ්.. එ් ටේයන්ගේ මායා බලය. එ්කියන්නේ ටේයන් එයාව බේරගන්න හදනවා. ජන්ගුක් හයියෙන් හුස්ම ගන්න ගමන් ටේයන්ට හේත්තුවුනේ එයාගේ වස්ත්‍රය මිරිකමින්. ජන්ගුක්  ටේයන්ගේ දිහා බැලුවා. එයා ලාවට හිනා වුනා.! එයාට කියන්ක තිබ්බ නම් මේ දෙයින් කිසිම වැඩක් නෑ කියලා! මේ දෙයින් වෙන්නේ ටේයන්ගේ බලේ නිරපරාදේ නාස්තිවෙන එක විතරයි කියලා!
ඔයාලා හිතනද එයාගේ වේදනාව නැතිවුනා කියලා ! නෑ පොඩ්ඩක්වත් නෑ. එ් වේදනාව එ්  තිබ්බ විදියටම තිබ්බා. එයා එ්ක ටේයන්ට පෙන්නන්න ගියේ නෑ. එයාට නිකමට හිතුනා ටේයන් එයා නිසා එයාගෙ හිත කලබල කරගනී කියලා.

"ගුක්! මට කියන්න ඔබට දැන් කොහොමද? "

ජන්ගුක්ගේ මූනේ තමන්ගේ අැගිලි යවන ගමන් ටේයන් අහද්දි ජන්ගුක් අාපහු ලාවට හිනාවුනා.

"ම...ම සුවෙන්! "

ජන්ගුක් කිව්වේ වෙවුලන ස්වරයෙන්.
ටේයන් ජන්ගුක්ගේ මූන දිහා බලන් ඉදලා එයාව නැගිට්ටවන්න හැදුවත් එ්කෙන් වුනේ ජන්ගුක්ගේ පන නැති සිරුර එහෙමම අාපහු බිම අැදගෙන වැටුන එක. එයත් උත්සහ කරා නැගිටින්න. එ්ත් එ්ක අසාර්ථකයි!

DARK KINGDOM _ᴛᴀᴇᴋᴏᴏᴋ ғғ_🚫Where stories live. Discover now