39 ᴄʜᴀᴘᴛᴇʀ~

80 12 3
                                    

"ඔහ් යුවෑන් කුමරුනි. ඔබ කලින්ම අැවිත් තියෙන්නේ "

යුවෑන් කුමරුට අාචාර කරන ගමන් මියැන් කුමරිය කිව්වහම ජන්ගුක් ලාවට හිනාවෙලා ලග තිබුනු පොඩි මේසෙයක් අසලින් වාඩිවුනා

"මම අාවේ ඔබ සමග ටේහ්‍යුන්ග් ගැන කතා කරන්න"

"ටේ ගැනද? ඔබ කියන්නේ මගේ පෙම්වතා. ගැනද? "

මියැන් කුමරිය කිව්වහම ජන්ගුක්ගේ අත් මිටිමෙලවුනත් ඔහු මියැන් කුමරියට ව්‍යාජ හිනාවක් පෑවා

"ඔහ්දේ.මම කතා කරේ ඔහු ගැන තමයි"

"ඉතින් ඔබට මොනවද දැනගන්න ඔ්නේ? "

"ටේහ්‍යුන්ග්නුයි ඔබ ගැනයි මියැන් කුමරියනි."

"ම්ම්.මේකයි. ඔබ ටේගේ හොදම මිතුරා නිසයි මං මේ දේවල් කියන්නෙ. දැත්තං මම කාටවත් මේ දේවල් කියන්න යන්නේ නැහැ..ටේහ්‍යුන් මම මුලින්ම දැක්කේ අපේ රාජ්‍යයේ උත්සවේකෙට සහභාගී වෙලා ඉද්දි  අැත්තටම ඔහු එ් උත්සවයේදී පවා කැපිලා පෙනුනා. ඔහු අැත්තෙන්ම කඩවසම්. එදා මම ඔහු සමග වචන දෙක තුනක් කතාකරද්දි මට තේරුනා ඔහු මගේ අාත්මසහකරු බව. මම එදා සැදෑවෙම දැනගත්තා ටේහ්‍යුන්ග් කියන්නේ මගේ අාත්මයෙන් අාත්මයට සිටි සහකරු කියා. ඔබ දන්නේ නෑ යුවෑන් මට දැනුන සතුට. ඔහු වගේ  කඩවසම් දක්ෂ කරුනවාන්ත පුද්ගලයෙක් මගේ සහකරු වෙච්ච එකට මට හිතාගන්න බැරි තරම් සකුටක් දැනුනා."

"එච්චරද? "

ජන්ගුක් තමන්ගේ දිවෙන් කම්මුලට අනින ගමන් කිසිම හැගීමක් නැතුව අහද්දි මියැන් ලාවට හිනාවුනා

"ම්.. තව ටේහ්‍යුන්ගුත් මට කැ-කැමැතියි ගොඩ-ක්"

මියැන් මුල් ටික සද්දෙන් කිව්වත් අන්තිමට ටික කියද්දි අැයගේ වචන පැටලුනා

"ඉතින් මම එ්බව දන්නවා. ඔබ ටේහ්‍යුන්ග් ගැන දන්න දේවල්නේ මම ඔබගෙන් අැහුවේ? "

"මං-"

තවත් දෙයන් මියැන් කියන්න කට අැරියත් දොරත් අැරගෙන මියැන් කුමරියගේ සේවිකාව වෙච්ච ජින්යැන් අැතුලට අාවේ ජන්ගුක්ට සහ මියැන්ට අචාර කරන ගමන්

DARK KINGDOM _ᴛᴀᴇᴋᴏᴏᴋ ғғ_🚫Where stories live. Discover now