33

100 12 3
                                    

*Flashback*

දින, සති, මාස ගනන් ගෙවී ගොස් දැන් පැමිනිලා තිබුනේ ජන්ගුක් අදුරු වනාන්තරේට ගෙනිහින් පස්වෙනි මාසය.

"හෝඩුවාවක් ලැබුනද?"

ටේහ්‍යුන්ග් තමන්ගේ ලග හිටපු සෙබලාගෙන් අසද්දි ඔහු ටේහ්‍යුන්ග් අාචාර කරා

"සමාවන්න කුමරුනි..! ඔබ කියන පරිදි ගුක් කියා නමක් අැති කෙනෙක් මේ ගමේ නැහැ.. මා දන්න හැමතැනකම සෙව්වා"

සෙබලා එසේ කියද්දි ටේහ්‍යුන්ගේ හිත අැදී ගියේ මීට මාස පහකට පෙර ඔහු ගුක් සමග සිටිය කාලය පිලිබදව. අැත්තෙන්ම එය සුන්දරයි! ඔහුගේ මේ කාර්යබහුල ජීවිතයට වඩා සරල ජීවිතයක් ඔහු එහෙදී ගෙව්වේ

"හ්ම්.. දැන් යන්න"

හැගීමක් නැති අැස්වලින් එසේ පැවසූ ටේහ්‍යුන්ග් තමන්ගේ අතේ තිබුනු රන් අැස් පලදනාව අතට ගත්තේ ලොකු හුස්මක් ගන්න ගමන්

"ඔබ කොහෙද මගේ ගුක්.. මම කෙසේද ඔබව හොයන්නේ. "

ටේහ්‍යුන්ග් ඔහුගේ අතේ තිබූ රන් පලදනාව පිරිමදින ගමන් කිව්වේ ඔහුගේ අැස්වලින් ඔහුටත් නොදැනිම කදුලු වැටෙද්දි

"අැයි මට හිතෙන්නේ මං ඔබට ලොකු වරදක් කරා කියලා"

ටේහ්‍යුන්ග් එසේ කියනවත් සමගම ඔහු ලගට අාවේ ඔහුගේ හොදම යාලුවා වගේම ඔහුගේ අාරක්ෂකයා වූ සෙන්පති මින්ගේ පුත් යුන්ගි

"කුමරුනි.. ඔබව මහරජුන් කැදවනවා.. යෝදේවෝ රාජ්‍යයයේ රජුගේ පුත් යුවෑන් කුමරු දැනටමත් රජ මාලිගාවට පැමින සිටින නිසා"

යුන්ගි දිහා බලා සිහින්ව සිනාසුනු ටේහ්‍යුන්ග් ඔහු එක්කම රාජ සභාවට ගිහින් ඔහුගේ සිහිසුනේ වාඩිවුනේ යුන්ගි ඔහුගේ එහාපැත්තෙන් සිටිගනිද්දි

"යෝදේවෝ අධිරාජ්‍යයාගේ කුඩා පුත් දොන්-යුවෑන් රාජ සභාවට පැමිනෙන් වගයි "

ශ්වේත වර්නයෙන් සැරසුනු යෝදේවෝ අධිරාජය්‍යයේ  සේවිකාවන් ඉදිරියට පැමිනියේ මහරජුට අාචාරය කරන ගමන්. එ්ත් සමගම ඔවුන් දෙපැත්තට වූයේ ඔවුන්ගේ කුමරු හට එහි පැමිනීමටයි
නමුත් ඔහු අැදගෙන සිටියේ අනික් සේවක සේවිකාවන්ට වඩා කැපී පෙනෙන අලුවන් වස්ත්‍රයක්. ඔහු මුහුන අාවරනය කරගෙන සිටියා

DARK KINGDOM _ᴛᴀᴇᴋᴏᴏᴋ ғғ_🚫Where stories live. Discover now