14 ᴄʜᴀᴘᴛᴇʀ~

63 13 0
                                    


දවස් දෙකත් ගෙවිලා ගියේ හිතාගන්නවත් බැරිවේගෙකින්. ජන්ගුක් දැන් දන්නවා ටේයන් අාය කවදාවත් එයාව බලන්න එන්නේ නෑ කියලා!! ජන්ගුක්ගේ අැස්වල තිබ්බේ මලානික ගතියක්.. එයාට මේ දවස් දෙක අැතුලත මුලු ජීවිතේම එපාවෙලා තිබ්බේ.. එයාට එක විනාඩියක් නිකං ඉන්න හම්බෙන්නේ නෑ. එයාගේ මනස දැන් තනිකරම අවුල් ජාලයක්.. අදුර එයාව පාලනය කරන්න බලනවා හැමතිස්සෙම. එ්ත් ජන්ගුක්ගේ පාලනය ගොඩක් හොදයි. එ්ක නිසයි එයා මෙහෙමවත් ජීවත්වෙලා ඉන්නේ. ජන්ගුක් ගේ ඉදිරිය දැන් තියෙන්නේ ජිමින්ගේ පුංචි නිවහන. ජන්ගුක්ගේ අැස්වල කදුලු පිරිලා තිබ්බේ එයාට අැහෙන කටහඩවල් නිසා

'මාව මැරුවා!! '

'මගේ අහිංසක කොල්ලෝ දෙන්නව එයාලා මැරුවා !! අපි කිසිම වරදක් එයාලට කරේනෑ!!! '

'ඔයාටත් එහෙම වෙන්නයි යන්නේ ජන්ගුක්!! අපි පලින්න ඔ්න උන්ගෙන්'

'රාජකීයන්ගේ ලේ වගුරරා අපි සතුටු වෙන්න ඔ්නේ!! '

'මේ රාජ්‍ය්‍ය සදහටම අදුර පාලනය කරයි! '

'පලිගමු'

'පලිගන්න උන්ගෙන්'

'ජන්ගුක්'

එයාට තමන්ගේ ඉස්සරහ හැම දෙයක්ම මැවිලා පෙනෙන්න ගත්තා. එයාගේ අැස්වලින් වැටුනු කදුලු ප්‍රමානය හිතාගන්නවත් බෑ. එයා තමන්ගේ රිදෙන පපුව අල්ලගෙන ජිමින්ගේ නිවසේ දොර අරිද්දිම එයා නිකංම බිමට අැදගෙන වැටුනේ දැනටමත් එයාට හිටන්නවත් පනක නැති නිසා..ලොකු ශබ්දයක් නගන ගමන්.

"ජන්ගුක්!!! "

ජන්ගුක්ට අන්තිමට අැහුනේ ජිමින්ගේ කෑගහන හඩ පමනයි

.
.
.

ජන්ගුක් අැස් අැරියේ ගොඩන් හිමින්. එයාට දැනුනා එයාගේ නලල දෙපැත්ත කවුරුහරි කෙනෙක් අඩන ගමන් උනුවතුරෙන් තවතවා කියලා. ජන්ගුක් අමාරුවෙන් අැස්අරිද්දි එයා දැක්කේ තමන්ගේ දිහා අැස්වල කදුලුපුරවගෙන බලන් ඉන්න ලීසාව...

"ගුකී!! "

ලීසා ජන්ගුක්ව තද කරලා බදාගත්තහම එයාගේ එහාපැත්තේ හිටපු ජිමින් ගැස්සිලා වගේ ලීස්කුක් දෙන්නා දිහා බැලුවා

DARK KINGDOM _ᴛᴀᴇᴋᴏᴏᴋ ғғ_🚫Where stories live. Discover now