36 ᴄʜᴀᴘᴛᴇʀ~

84 10 0
                                    

"ඔබ යුවෑන් නෙවෙයි.. එහෙමනේ? "

ටේහ්‍යුන්ග් අැහුව ප්‍රශ්නෙත් සමග යුවෑන් කුමරුගේ අැස් ගැස්සුනත් ඔහු එ ය පිටට පෙන්නුවේ නෑ.

"ටෙිහ්‍යුන්ග් කුමරුනි? යුවෑන් කුමරුනි! ඔබලා කොහෙද? "

 යුන්ගිගේ කටහඩ නිසා යුවෑන් ඉක්මනින් නැගිට්ටේ තමන්ගේ උදරයේ අමාරුව අමතක කරලා. තවත් වචනයක්වක් කතානොකර ටේහ්‍යුන්ග්ව මග,අැරලා යුවෑන් කුමරු යන්න හැදුවත් ටේහ්‍යුන්ග් ඔහුගේ අත තදින් අල්ලගත්තා

"කොහෙද යන්නෙි? ඔබ මගේ පැනයට උත්තර දෙන්නේ නැද්ද? "

ටේහ්‍යුන්ග් අැහුවහම ලොකු හුස්මක් ගත්ත යුවෑන් ඔහුගේ අැස් දිහා බැලුවා

"ඔබට ජීවිතයේ වැඩියෙන්ම මගහැරුනු කෙනෙක් මං"

ටේහ්‍යුන්ග් හිතේ ප්‍රශ්නයක් ඉතිරි කරපු යුවෑන් ඔහු දිහා නොබලාම ගියේ ටේහ්‍යුන්ග් වික්ශීප්තව ඔහු දෙස බලාසිටියදී

'ඔබ හමුවන සෑමවෙලාවකම  අැයි ඔබ මට ප්‍රශ්නයක් ඉතිරිකර යන්නේ? '

.
.
.

දඩයමෙන් අනතුරුව ටේහ්‍යුන්ග් ගියේ ඔහු සොයාගත් ඔෟෂධ ඔහුගේ ගුරුවරයා වූ දෝ-වූන් හට දෙන්න නමුත් ඔහුගේ ඔලුවේ තිබ්බේ වෙනම දෙයක්

"කුමරුනි ඔබ  හොදින් ද? "

"මම හොදින් ගුරුතුමනි.. "

ඔෟෂධ පැලෑටි ටික ගුරුවරයාගේ අතට දුන්න ටේහ්‍යුන්ග් යන්න හැරුනත් ඔහු නතර වුනේ වූන් අැහුව ප්‍රශ්නයත් සමග

"ඔබ සිතන්නේ යුවෑන් කුමරු පිලිබදවද? "

"ඔව් ගුරුතුමනි..නමුත් ඔබ කෙසේද?- "

"ටේහ්‍යුන්ග් ටේහ්‍යුන්ග් ඔබ නොවේද මට සිටින දක්ෂම ගෝලයා. අැයි තවම ඔබට මාව හදුනගන්න බැරි වුනේ. මම මනස දියුනු කේරූ කෙනෙක්. අනිත් දේ ඔබ වගේ මනුෂ්‍යයෙක් නෙමෙය් මං. මං අර්ධ වෘකයෙක්. ඉතින් ඔබ සිතන සියලු දේ මට අැහෙනවා "

ටේහ්‍යුන්ග් ලාවට හිනාවෙලා ගුරුතුමන් ලග ඉදගත්තේ වූන් ඔහු දිහා දිගටම බලාගෙන සිටියදී

DARK KINGDOM _ᴛᴀᴇᴋᴏᴏᴋ ғғ_🚫Where stories live. Discover now