23 ᴄʜᴀᴘᴛᴇʀ~

80 15 4
                                    

මම මගේ හිතත් එක්කම වාද කරලා දොර අැරියා..
කාමරේ අදුරෙන් පිරිලා තිබුනු නිසා. එ්කට හුරුවෙන්න මට විනාඩියක් විතර ගියා.මම අමාරුවෙන් මගේ අැස්දෙක අරිද්දි මම දැක්කේ කාමරේ වටේට යන දුම. එ් සිගරට්.. මට සීයට දාහක් ශුවර්.. එ් කියන්නේ මූ සිගරට් බොනවද? අාශ්. මොන වෙලාවටද මං මෙතැනට මේ අාවේ. දැන්නම් මට මගේ කකුල් දෙකත් පනනෑ වගේ.
මම ලොකු හුස්මක් අරගෙන කාමරේ වටේට මගේ අැස් යවන්න ගත්තා. එ්ත් ටේහ්‍යුන්ග් කියන මනුස්සයා තියා උගේ කෙස්ගහක්වත් කෑ. දැන්නම් මට හැරිලා යන්නමයි හිත

"මොකද්ද් ප්‍රශ්නේ? "

මං ගැස්සුන පාර මගේ අත ලග තිබුනු පෝච්චියකුත් කැඩිලා බිදුනා. එ් සද්දේ මුලු කාමරේම දෙදරලා යනකම්ම තිබ්බේ දැඩි නිහඩතාවක්. ඊට වඩා මම හිටියේ මල පැනලා. අැයි යකෝ මුට මේ කලුවරේ ලයිට් එකත්වත් දාගෙන කාමරේ ඉන්න බැරි.. මහ පිස්සු-

"අාහ්.."

මම ගැස්සිලා ගියේ ඉස්සරහට අැවිදගෙන යද්දි මගේ කකුල වීදුරුවනට කැපුන නිසා. එ් කැපුන පාර කොච්චර දරුනුද කියනනවම් මගේ අැස්වල කදුලු නිකංම එලියට පැන්නා
මම එතකොටයි දැක්කේ බැල්කනියේ ඉන්න ටේහ්‍යුන්ග්ව. එයා ඉස්සරහ බලාගෙන සිගරට් දුම අදිනවා.
ඔහ්.. මාරම හොට් එයා එ් ලුක් එකෙන්. මම කටත් අැරන් එ් දිහා බලන් හිටියා කියලා මට මතක් වුනේ මැස්සෙක් මගේ කට අස්සට රිංගගන්න හැදුව නිසා. අහලා තිබ්බට අද තමයි වෙන්න ගියේ.
මම කොහොමහරි අන්තිමට හිත හදාගෙන කතාකරා

"ටේහ්‍යුන්ග්.. මම දන්නේ නෑ ඔයා මගේ කවුද කියලා... එ්ත්- මට කියන්නේ අැයි ඔයා මාව බේරගත්තේ.. මගේ නංගි, හැල්මොනි ඔම්මා මොකද එයාලට වුනේ? අැයි මාව විතරක් මෙහාට ගෙනාවේ.. "

මගේ ඔලුව තිබ්බ ප්‍රශ්න ටික මම කෙලින්ස ටේහ්‍යුන්ග්ට කියලා දැම්මා. මම සිංහයා වගේ එ් ටික කියලා දැම්මට මොකද මට තරු පෙනුනේ මට පිටුපාලා හිටපු ටේහ්‍යුන්ග් මගේ පැත්ත හැරුනහම. එ් නිල් අැස්දෙක. හැමදෙම වගේ මාව රවට්ටනවා.. එයාගේ තොල්වල තිබුනු කලු පාට සිගරට් එකෙන් අාව දුම් නිසා මට කැස්සක් දැනුනත් එ්ක මගේ උගුරෙන් එහාට එන්නේ නෑ වගේ මට දැනුනේ. නිල් අැස්? එතකොට මේක වෙන්නෙ කොහොමද? එ් හීනේ හිටපු ටේහ්‍යුන්ගේ අැස් නිල් පාටයි.. එතෙකොට මේ ටේහ්‍යුන්ගේ. අාශ්... මේක පිස්සුවක්
මම දැක්කා ලාවට වගේ එයා මගේ ලගට එනවා. මේකා මාව මරලවත් දායිද? නෑනෑ එහෙම මුකුත් වෙන්නේ නෑ. මරන්න තරම් ප්‍රශ්නයක් නෙමෙයිනේ මං එයාගෙන් අැහුවේ. එතැන තිබුනු ඉටිපන්දම් ටික නිකංම පත්තු වෙද්දි මම ගැස්සිලා ගියා. එතකොට තමයි මං මේ ලෝකෙට අාවේ

DARK KINGDOM _ᴛᴀᴇᴋᴏᴏᴋ ғғ_🚫Where stories live. Discover now