03 ᴄʜᴀᴘᴛᴇʀ ~

179 21 2
                                    


ජන්ගුක් හිටියේ තමන්ගේ ලග තිබුණු පලතුරු ටික කපන ගමන්. එ්ත් ජන්ගුක් හිටියේ මේලොකේ නෙමෙයි. එයාට මතක් වුනේම එයා දැක්ක හීනේ. ඔහේ පලතුරු ටික කපකප හිටපු ජන්ගුක් උඩ ගියේ ජින් අැවිත් ජන්ගුක්ගේ කරඋඩින් අත තිබ්බහම.

"යාහ්!! මොන ලෝකෙද ඉන්නේ? "

ජින් අැහුවහම ජන්ගුක් ඔලුව දෙපැත්තට වනලා පලතුරු කපන්න ගත්තහම ජින් ජන්ගුක්ට මෙනූ කාර්ඩ් එකක් දික්කරේ ජන්ගුක් එ් දිහා බලාගෙන ඉද්දි

"ඔ්ක ගිහිල්ලා දෙන්න අන්න අතන ඉන්න මනුස්සයට. "

ජින් ජන්ගුක්ට මෙනූ කාර්ඩ් එක දෙනගමන් කියද්දි ජන්ගුක් බැලුවේ තමන් කපකප හිටපු පලතුරු කෑලි ටික දිහා.

"එතකොට මේ ටික? "

"එ් ටික මං කපාගන්නම් ඔයා යන්නකෝ"

ජන්ගුක් ජින්ටත් අම්බානක රවලා මෙනූ කාර්ඩ් එක අරගෙන ජින් කිව්ව මනුස්සයා බලන්න ගියාම එයා දැක්කේ කලුපාට හූඩියකුත් දාගෙන ෆෝන් එක ඔබන මනුස්සයෙක්ව

"සර්.. "

ජන්ගුක් එ්කෙනාට කතාකරද්දි එයා තමන්ගේ earphone එක ගලවලා ජන්ගුක් දිහා බැලුවා. ජන්ගුක්ගේ අැස් උඩ ගියේ එයා ඊයේ තමන් දැක්කේ රූපෙට සමාන මනුස්සයෙක්ම දකිද්දි. ජන්ගුක් දිහා එ් විදියටම ටේයනුනත් බලන් හිටියේ තුෂ්ණීමිභූතවෙලා

"සර්ට මොනවද ඔ්නෙ? "

ජන්ගුක් අැහුවේ අැගට පතට නොදැනී. ටේයන් ජන්ගුක් දිහා තාමත් බලාගෙන හිටියේ ජන්ගුක්ගේ කම්මුල් රෝස පාටට හැරෙද්දි.

"සර්...? "

"අාහ්.. අා.. ඔ්ර්ඩර් එක"

ජන්ගුක් කියද්දි මේ ලෝකෙට අාව ටේයන් ජන්ගුක්ගේ අතේ තිබුන මෙනූකාර්ඩ් එක ගත්තේ ජන්ගුක් ටේයන්ගේ අත දිහා බලන්ඉද්දි. ජන්ගුක්ගේ අැස්ලොකුවුනා. මේ මුද්ද? මේ මුද්ද? දෙයියනේ එයා ඊයේ දැක්ක මනුස්සයටත් තිබ්බේ මේ වගේ මුද්දක් නේද?
ජන්ගුක් ටේයන් දිහා බලන් ඉද්දි ජන්ගුක්ගේ අතින් එකපාරටම මෙනූකාර්ඩ් එක වැටුනේ ජන්ගුක් ඉක්මනට එ්ක ගන්න පල්ලෙහාට නැමෙද්දි ටේයනුත් මෙනූකාර්ඩ් එක ගන්න අවේලාවට පල්ලෙහාට නැමුනේ එ් දෙන්නගෙම නලලවල් දෙක එකට ගැටෙද්දි. ජන්ගුක්ගේ මුලු හදවතම වේගෙන් ගැහුනා ! ටේයන්ගෙත් වෙනසක් නෑ එ් රිද්මෙට ටේයන්ගේ හදවතත් වේගෙන් ගැහෙන්න ගත්තා. ජන්ගුක් ඉක්මනට එහාට වෙන්න ගියත් එ් දෙයින් වුනේ ජන්ගුකුයි ටේයනුයි තවත් ලංවුන එක. ජන්ගුක්ගෙයි ටේයන්ගෙයි හුස්ම වල් එකිනෙකාට දැනටමත් වැදුනා. ජන්ගුක්ට දැනුනේ තමන්ගේ මුලු අැගම හිරිවැටෙනවා කියලා. ටේයන්ගේ ලොකුඅතක් තිබ්බෙත් ජනගුක්ගේ පුංචි සියුමැලි අතක් උඩ.
ටේයන් වේගෙන් ජන්ගුක්ගෙන් අෑත් වුනාම ජන්ගුකුත් ටේයන්ගේ අෑත්වුනේ කම්මුල් රෝස පාට වෙද්දි. ටේයන් උගුර පාදලා අහක බලාගද්දි. ජන්ගුක් ටේයන්ට දෙපාරක්විතර බෝව් කරලා ඉක්මනටම කිචන් එකට ගියේ තමන්ගේ වේගෙන් ගැහෙන පපුව අල්ලගන්න ගමන්

DARK KINGDOM _ᴛᴀᴇᴋᴏᴏᴋ ғғ_🚫Where stories live. Discover now