30 ᴄʜᴀᴘᴛᴇʀ~

95 15 5
                                    

"නූනා? "

ජිමින් අැහුවේ තමන්ගේ කොන්ඩෙත් එක්ක සෙල්ලම් කරන හනාගෙන් අැස් අරගෙන

"කියන්න චිම්"

ලීසා ජිමින් දිහා බලාගෙන කිව්වෙ කල්පනා කරන ගමන්

"මොකද්ද ජන්ගුක්ට වුනේ. තාම මූ අාවේ නෑනේ මාව හම්බෙන්ක"

ජිමින් කිව්වහම  ලීසාගේ මූනේ ලාවට හිනාවක් අැදුනා.

"තව ටිකකින් එයි.. "

ලීසා කිව්වේ ජිමින්ගේ දිහා බලන ගමන්.

"නූනා.ඔයා ඉන්නේ හොදින් නෙමෙයි. මොකක් හරි ප්‍රශ්නයක්ද? "

ජිමින් ලීසාගේ මැලවුනු අැස්දිහා බලන් අහද්දි ලීසා මුකුත් නෑ කියන්න තමන්ගේ ඔලුව දෙපැත්තට වැනුවේ හිනාවෙන ගමන්.

".. නූනා ඔයා මොනවහරි හංගනවද? "

"නෑ චිම්.. මම මොනවා ඔයාගෙන් හංගන්නද? "

ලීසා කිව්වේ හනාව තමන්ගේ අතට ගන්න ගමන්.

"ඔන්නි!! "

දොරත් අැරගෙන අැතුලට අාව ජෙනී කෑගැහුවේ ලීසා ගැස්සෙද්දි

"ඔහ්.මේ ජෙනීනේ.. "

"ඔන්නි... ඔයා pregnantද? මට කිව්වේ නැත්තේ අැයි ඔයා "

තොල් කනපිට හරවගත්ත ජෙනී ලීසාගේ අත්වලින් අල්ලගෙන එහාට මෙහාට කරා.

"සොරි ජෙනී. පෙනුනනේ ඔයාට උදේ .. මට ඔයාට මේගැන කතාකරන්ව තරම් condition එකක් තිබ්බේ නෑ"

ලීසා කිව්වහම ජෙනීගේ මූනේ හැගීම් වෙනස් වෙන්න ගියේ විනාඩියයි.

"අැත්තට උදේ ජන්ගුක්ට මොකද වුනේ? "

ජෙනී අැහුවහම ටිකක් වෙලා එයා දිහා බලන් හිටපු ලීසාගේ මූනේ අැදුනේ අමුතුම හිනාවක්.

"අැයි අනේ ඔයා මොකුත් කියන්නේ නැත්තේ? ඔන්නි"

තොලුත් උල් කරගෙන ජෙනී අැහුවහම වචනයක් වත් කොනියා ලීසා ජෙනීගේ කොන්ඩේ අැවිස්සුවා.

"එයා අපිට වඩා පොඩ්ඩක් වෙනස්"

ජිමින් තමන්ගේ නිකට කහන ගමන් කිව්වේ දැනටමත් වෙච්ච දේ එයාට තේරිලා තිබුනු නිසා.

DARK KINGDOM _ᴛᴀᴇᴋᴏᴏᴋ ғғ_🚫Where stories live. Discover now