17 ᴄʜᴀᴘᴛᴇʀ~

65 12 0
                                    

ජන්ගුක් හිටියේ පුංචි මේසෙකට පුංචි පුටුවක් තියාගෙන. එයාගේ අතේ තිබුනු චොප්ස්ටික එයා කැඩිලායන්ක තරම් තද කරගෙන. ඊට වඩා එයාට එහාපැත්තේ හිටපු ජිමින් හිටියේ එයාගේ ඔලුවේ තිබ්බ ප්‍රශ්න වැලට උත්තර ජන්ගුක්ගෙන් අහන්න. එයා ජන්ගුක් දිහා බලන් ඉදලා ලොකු හුස්මක් ගත්තා

"මට තේරේන්නෑ ගුකී ඔයා
ගැන කොහොම රජු දැනගත්තද කියලා"

ජිමින් කිව්වඑම ලාවට හිනාවුන ජන්ගුක් තමන්ගෙ අතේතිබුනු චොප්ස්ටික් දෙක මේසේ උඩින් තිබ්බා

"ගුකී! බලන්නකෝ මගේ දිහා"

ජිමින් කිව්වහම ජන්ගුක් කන එක නතර කරලා ජිමින් දිහා බැලුවා. ජිමින් තමන්ගේ අත්දෙකෙන් ජන්ගුක්ගේ ම1න අැල්ලුවහම ජන්ගුක් ජිමින්දිහා බලාගෙන හිටියා

"ඔයා මීට වඩා ඔයා ගැන හිතන්න ගුකී!! මේ දවස් ටිකේම ඔයාගැන ඔයා හරියට හිතලා නෑ. බලන්නකෝ ඔයා කෙට්ටුවෙලා තියෙන විදිය.. අනික ජන්ගුක් ඔයා දන්නවද ලීසා නූනා ඔයාගේ ලගින් හෙල්ලුනේ නෑ ඔයා නැගිටිනිකම්. එයා ඔයාට ගොඩක් අාදරෙයි"

ජිමින් ජන්ගුක්ට ලිපට ගින්දර පත්තුකරන ලීසාව පෙන්නුවහම ජන්ගුක්ගේ මූනේ අැදුනේ අමුතු හිනාවක්. එයා ජිමින්ගේ අත්දෙක අල්ලගත්තා

"මාව මෙච්චර හොදට බලාන්න එපා හියුන්නිම්.. මං එදත් අනාථයා අදත් අනාථයා.. අනික-.. අනික... මං වගේ පව්කාරයෙක් එක්ක ඉන්න එපා.. මාව මෙහෙ දාලා යන්න. ඔයාලට මාත් එක්ක ඉන්න එකෙන් වෙන්නේ තවත් ප්‍රශ්න අැතිවෙන එක. අනිත් -"

"කටවහගනින් ගොන්වස්සා!!! "

ජිමින් ජන්ගුක්ගේ අත් ගසලා අරගෙන ජන්ගුක්ට කෑගැහුවේ හයියෙන්...එ් කෑගැහුව පාර මේ දෙන්නා දිහා බලාගෙන හිටපු ලීසාත් ඉක්මනට එයාලා ලගට අාවා

"මොකද වුනේ ගුකී!! "

ජන්ගුක් ජිමින් දිහා කදුලු පුරවගෙන බලාගෙන ඉදගා ජිමින්ව බදාගත්තහම ලීසා පුදුම වුනා එකපාරටම වෙච්ච දේට. ජිමින් ජන්ගුක්ගේ අත්අතර ඉදන් අඩන්න ගත්තේ ලීසා කිසිම දෙයක් හිතාගන්න බැරුව බලාගෙන ඉද්දි

DARK KINGDOM _ᴛᴀᴇᴋᴏᴏᴋ ғғ_🚫Where stories live. Discover now