37 ᴄʜᴀᴘᴛᴇʀ~

79 14 4
                                    

"කුමක්ද නුඹ පවසන්නේ කවුද පලිගන්න අැවිත් තියෙන්නෙ"

"ඔහු.ජ-අාහ්!! "

තමන්ගේ ඉස්සරහ සිහියක් නැතුව අැදගෙන වැටුනු ෂින්ජි දිහා ටේහ්‍යුන්ග් හිස් හැගීමකින් බලන් ඉද්දි ඔහු හැරුනේ ඔහුගේ ලග සිටිය යුන්ගි දෙසට

"කුමක්ද මැයට සිදුවූයේ? "

"කුමරුනි අැය අපිට හම්බුනේ පාලු අදුරු වනාන්තරේ අසල දමලා ගිහින් සිටියදී. අනිත් දේ අැයත් සමගම අැයගේ යෙහෙලිය ෂින්යූත් සිටියා "

"නුඹ පවසන්නේ ෂින්ජි සමග සිටිය අනෙක් ඝනිකාව ගැනද? "

"එසේයි! "

"අැය දැන් කොහේද? "

"අැයගේ තත්ත්වය ඉතා බරපලයි ටේහ්‍යුන්ග් කුමරුනි! අැයගේ අැස් මෙවැනි අාකාරයටම උගුල්ලලා දාලා. නමුත් අැයගේ සිහිවිකල් වෙලා. අැයගෙන් කටඋත්තරයක් ගැනීමට තරම් සුදුසු තත්ත්වයක් නැහැ කුමරුනි"

"මට අැයව බැලිය යුතුයි දැන්ම "

"එසේයි! "

ටේහ්‍යුන්ග් සමගම කාමරයක් අසලට අාව යුන්ගි සේවකයා හට රහසින් දෙයක් කිව්වා

"කුමරුනි! මෙය බයානකයි. අැය ඉන්නේ කතාකරන්න පුලුවන් තත්තවෙක නෙමෙයි ඔබලා දැන්ම මෙතැනින් යන්න"

සේවකයා එසේ කියද්දි එය ගානකට නොගත් ටේහ්‍යුවන්ග් යුන්ගි දෙස බැලුවා

"දැන්ම මේ දොර අරින්න. මේක මගේ අණක්"

යුන්ගි ටිකක් වෙලා ටේහ්‍යුන්ග් දිහා චකිතයෙන් බලන් හිටියහම ටේහ්‍යුන්ග් තරහෙන් යුන්ගි දෙස බලන් හිටියා

"සමාවෙන්න කුමරුනි! මම එය කරන්නම්"

ටේහ්‍යුන්ග් එක් බැල්මන් හෙලූ යුන්ගි දොර අරිද්දි ටේහ්‍යුන්ග් ගල් වුනේ ඔහු දැක්ක දර්ශනේ නිසා
දම්වැල් සිතාගැනීමට බැරිතරම් අැයගේ අැග වටේ එල්ලා තිබුනා. අැය සිටියේ වියරුවෙන්මෙන් සිනාසෙමින්. අැයගේ අැස් පලදනාවද බිමට වැටී තිබුනේ තනිකරම ලේ පිරුනු කුහරයක් පමනක් ඉතිරි වී තිබුනු අැයගේ අැස් පේන පරිද්දෙන්

DARK KINGDOM _ᴛᴀᴇᴋᴏᴏᴋ ғғ_🚫Where stories live. Discover now