15 ᴄʜᴀᴘᴛᴇʀ~

74 13 2
                                    

ජිමින්ට එච්චරයි කියන්න හම්බුනේ යුන්ගි විනාඩියෙන් එතැන තිබුනු දොර අැරියා. ජිමින්ගේ අැස්ලොකුවෙද්දි යුන්ගිගේ මුනේ අැදුනේ කට කොනේ හිනාවක්

"කොහෙද දන්නේ නෑ මේ දෙන්නා යන්න හදන්නේ? "

ලීසා ගැස්සිලා වගේ එ්දිහා බලද්දි ජන්ගුක්හිටියේ ලීසාට තුරුලු වෙලා. එයා හොදටම ගැහෙනවා. හිතාගන්නවත් බැරිතරමට එයා බයවෙලා. ජන්ගුක් යුන්ගිගේ දිහා නොබලාම ලීසාගේ තුරුලුට තවත් තුරුලු වුනා

"සෙබ-"

යුන්ගිට ඉතිරිටික කියන්න හම්බුනේ නැත්තේ ජිමින් තමන්ගේ අතේ තිබුනු සිහිනැතිකරන කටු තුනක් යුන්ගිගේ බෙල්ලේ පසාරු කරන්න අැනපු නිසා. යුන්ගි තමන්ගේ වේදනා දෙන බෙල්ල අල්ලගෙනම ජිමින් දිහා බලද්දි ජිමින්ගේ බෝල අැස්වල කදුලු පිරිලා තිබුනා. යුන්ගි වචනයක් කියන්න ගියත් එයා කිසිම සිහියන් නැතුව බිමට වැටෙන්න ගියා. ජිමින් ඉක්මනට යුන්ගිව අල්ලගත්තේ නැත්නම් අනිවාර්යෙන් යුන්ගි බිමට අැදගෙන වැටෙන හඩ නිසා සෙබලු එතනට එනවා

'නූනා යන්න'

ජිමින් හිතින් කෑගහද්දි ලීසාගේ අැස් යොමුවෙලා තිබුනේ ජිමින්ගේ අතේ සිහියක් නැතුව ඉන්න යුන්ගි දිහාවට

'එ්ක මං බලාගන්නම්... යන්න!! '

ජිමින්ගේ කටහඩ ලීසාට අැහෙද්දි ලීසා ඔලුව වනලා ජන්ගුක්ව තමන්ගේ තුරුලුට අරන් එතැන තිබුනු දොරෙන් ජන්ගුක් සමගම එලියට ගියා

________

ලීසාගේ හිටියේ ජන්ගුක්ව තමන්ට තුරුලු කරගෙන වනාන්තරය මැදින් යන ගමන්. ලීසාට කොච්චර මහන්සි වුනත්. එයා ජන්ගුක්ව තමන්ගේ තුරුලෙන් අැයින්කරේ නෑ. ලීසාට දැනුනා ජන්ගුක් අපහසුවෙන් හුස්ම ගන්නවා කියලා. ලීසාගේ අැස්වලින් එකදිගට කදුලු වැටෙන්න ගත්තා. එයා ඉක්මනට ජන්ගුක්ව තමන්ගේ  තුරුලෙන් අැයින් කරලා ලග තිබුනු ගහකට හේත්තුකරේ ජන්ගුක්ගේ අත්දෙක තමන්ගේ අත්අතරට ගන්න ගමන්

"ගුකී?? "

ජන්ගුක්ගේ මලානික වෙච්ච අැස් ලීසාට යොමුවෙද්දි. ලීසාට කියන්න වචන නැතිවුනා.

DARK KINGDOM _ᴛᴀᴇᴋᴏᴏᴋ ғғ_🚫Where stories live. Discover now