03

1.4K 109 11
                                    

" හොදයි ලමයි එහෙනම් ඔයාලා ලංකා පොත අරන් පාඩමට ලෑස්ති වෙන්න . අද අපි රජරට ශිෂ්ටාචාරය පටන් ගන්නවා. "

විනාඩි 40 ගානෙ පීරියඩ් 2ක් ලේසි නෑ.. මට ඔලුවත් එක්ක කැරකෙනවා වගේ.. අනේ දෙවියනෙ මගෙ 18 මෙච්චර ලස්සනයි කියලා දන්නවනම් තව ටිකක් හොදට නිදාගන්නවා නෙ...

මේ ඔක්කොටම හේතුව අපේ ඩෑඩ්ගෙයි මගෙයි කෙහෙල්මල් ගිවිසුමක් නෙ.ඒ කියන්නේ මගෙ 18 බර්ත් ඩේ එකට ගිෆ්ට් එකක් විදිහට මාව ඔස්ට්‍රේලියා එක්කන් යන්න කියලා ඩෑඩ්ගෙන් ඉල්ලුවෙ ගිය අවුරුද්දේ . ඒත් ඩෑඩ් කිව්වා එයා කියන දේ ඇහුවොත් මාව එක්කන් යන්වා කියලා . ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමා මම අද අතිශය ප්‍රථම වතාවට ඉස්කෝලෙ ආවෙ. ඇත්තමයි දැන් ඔස්ට්‍රේලියා යනවා කෙසේ වෙතත් අංගොඩ යන්න නම් මට් ටිකට් එක රෙඩි වගෙ.

" ලමායි රජරට ශිෂ්ටාචාරය බිහි වීම සම්බන්ධයෙන් විවිධ මත ඉදිරිපත් වෙලා තියෙනවා .ඔයාලගෙ ගයිඩ් එකේ 54වෙනි පිටුවෙ ඇති ඒ මත ටික.. බලාගන්න ටිකක් .. එතකොට ඔය ලමයි ගිය සතියෙ මම දුන්න මූලාශ්‍ර ප්‍රශ්නයට උත්තර ලිව්වනම් එවන්න බලන්න ඉස්සරහට .. සයුමි.."

" ඔව් මැඩම් "

" මොකෝ මේ තමුන් පොතේ පිටිපස්සෙ ලියාගන්නෙ?"

" මැඩම් .. මැඩම් මේ.."

" මොකද තමුන් ගොත ගහන්නෙ ? සයුමි ලවන්ජනා නැගිටිනවා බලන්න "

ආච්චිට හාල් ගරන්න .. සාමකාමීව සුහදශීලීව හැසිරියන් කියලා රෙඩ් කාඩ් එක වනපු ජානුවා මාව පන්තියේ තනි කරලා ගියාම මම පිටිමපස්සෙ පෝලිමට වෙලා අමා කෑල්ලගෙයි මගෙයි වෙනස්කම් සංසන්දනය කර කරනෙ හිටියේ .ආයෙ ඒකෙ කම්පෙයා කරන්න දෙයක් නෑ හදවතේ නිලිය තමා දින්නෙ...ඒත් එක පාරටම කණ්නාඩියගෙ සම්පූර්ණ නමම කියලා කතා කරපු අමා කෑල්ල ඒකිට ඩොන් පටෝන් වෙන්න කෑ ගහනකොට තමා මම මේ ලෝකෙට ආවෙ..

මොකක්ද දෙයියනේ මේ විපර්යාසෙ..අපේ ගොට්ට බාන කන්නාඩි පුතී බැනුම් අහනවා නේත..වෙරි නයිස්..හදිසියේම ආපු අයිඩියා එකට මම බෑග් එකේ දාගෙන ආපු අද උදේ ඩෑඩ් මට එවලා තිබ්බ අලුත්ම අයි ෆෝන් එක අතට ගත්ත.. ගෙදර ඉදන් එන ටිකට සිම් එකත් දාගෙන ඔක්කොම ඇක්ටිවේට් කරගත්තා. කලින් ෆෝන් එකේ ෆොටෝස් වීඩියෝස් එහෙම ලැප් එකට සේව් කරල තියෙන නිසා ක්ෂණික කෝපයට අත ලිස්සා ෆෝන් එක කැඩුනා කියලා පාඩුවක් නෑ. ඉතින් මේ සිම් එකෙ ඕනම නම්බර්ස් එහෙම සේව් වෙලා තියෙන්නේ . කොහොමහරි මට නෝට් දෙනකොට රගපු රැගිල්ලට හොද රිටර්න් එකක් දෙන්නත් එක්ක මම කන්නාඩියා කුඩු වෙන්න කනවා වීඩියෝ කරේ පස්සෙ ජානුවට යවනවා කියලා හිතන්.. අනික කන්නාඩි කියන්නේ ජන්මාන්තර වෛරක්කාරයෙක් නිසා පොඩි ආතල් එකක් ගන්නත් ඕනෙ නෙ

නෙත් මානේ | GLWhere stories live. Discover now