35

1.7K 94 19
                                    

Piyu bole.. piyu bole
Hmm...hm..
Janu na..

Jiya dole.. hole hole...
Kyon dole...
Janu na..

Hm hm hm...
Hm..hm..hm..
Hm..hm...hm..
Ha ha ha !!


( මුලු කතාවම මේ සිංදුව අහගෙන කියවන්න ලමයි ❤️)

මම හිටියේ හොද සිහියෙන්.. ඒ වගේම ඇස් පියාගෙන ඒත් ඇහැරිලා.. කී පැයක් ගියාද දවස් කීයක් ගියාද දන්නෙ නැතත් මම හිටියේ හොදින් කියලා මට විශ්වාසයක් තිබුනා..

මොකද මම හිටියේ මේ ලෝකෙ මම ආරක්ෂිතම පපුවෙ හරි උනුසුම්ව ගුලි වෙලා...

එයාගෙ  කටහඩින් මුමුනන ඒ පරන සිංදුව...

එක අතකින් මාව තුරුලු කරගෙන අනික් අතින් මගෙ  ඔලුව අතගාන එයා හිටියේ මගෙ දිහාම බලාගෙන කියලාත් මට නොහිතුනාම නෙවෙයි ...

ඉතින් මේ වෙලාවෙ ඉස්සරහට වෙන දේවල් අතීතයේ උනු දේවල් කිසිම දෙයක් ගැන හිතන්නේ නැතුව මම සැනසීමෙන් නිදාගෙන හිටිය එක වැරදි නෑ නේද ?..

" අහ්ම් අහ්ම්.. අලුත බැදපු ජෝඩුවගෙ මධුසමයට බාධා කිරීම සම්බන්ධයෙන් ගැත්තාට සමාවන සේක්වා.. ඒත් මට දැනගත හැකි වේවිද ඔබ තුමියගෙ ප්‍රිය බිරිද ඇහැරුනාද කියලා ?"

හැම සුබ මොහොතක්ම අර කාබාසිනියා කරන හූනු බෙට්ට වගේ මගෙයි අම්මුගෙයි අතරට මේ වතාවෙ ආවෙ වෙන කවුරුත් නෙවෙයි වසවර්තියා.. අනේ අම්මපා අම්මු එක්ක මේ හැමදේකින්ම ඈත් වෙලා ගියාට පස්සේ මුලින්ම කරන්න ඕනෙ මේ වසවර්තියා නැති දිහාවකට පැනලා යන එක. නැත්තම් කියන්න බෑනෙ බන් මේ ගෑනි රෑට කාමරේටත් ඇවිත් ඇද යට ඉදීද කියලා ...

කොහොමහරි රියාශා අක්කා ඇතුලට ඇවිත් අම්මු ගාවට ලං වෙලා මොනාහරි කොදුරනවා මම අංශක 0.05කින් ඇරපු ඇහෙන් දැක්කා.. ඒ පාර මොනාද ඩෝ මේ කියන්නේ මටත් ඇහෙන්න කියපාආඅන්..

" මේ අමා... උබේ කෙල්ල මොකෝ බන් තාම නිදි? මම වැරදි බෙහෙතක්වත් ගැහුවද බන්?නෑ කියන්න බෑනෙ අමතක වෙලා නිදි බෙහෙතක් වෙනුවට වෙන එකක් ගහලා පොඩි පගයා සදාකාලික නින්දකට ගියාද කියලා ?"

නෙත් මානේ | GLWhere stories live. Discover now