18

956 80 14
                                    

" අම්මො මට හරි මහන්සියි "

ඩ්‍රෙසින් රූම් එකට ආපු මම එහෙමම බර උනේ එතනම තිබුන පුටුවට. වෙලාව 9ත් පහු වෙලා තිබ්බට ඉවෙන්ට් එක තාම ඉවර නෑ. මේක තාම දෙවනි වටය නිසා ඒකෙ අනව්ස්මන්ට් කරන එක ටිකක් අමාරුයි . මට හුරු නැති ගතියක් නෙවෙයි තියෙන්නේ මට තියෙන්නේ මහන්සියක්...

මම මේ දවස්ටිකේම එකදිගට උන දේවල් නිසා හරි හැටි නින්දක් නැතුව ඉන්නෙ පුදුම අමාරුවෙන් . ඒ එක්කම දොර ඇරුන සද්දෙට ඔලුව උස්සලා බලද්දී මම දැක්කෙ ඇවිත් හිටිය අමා මැඩම්ව.

" මැඩම් "

" මම කිව්වනෙ මැඩම් කියන්න එපා කියලා "

ඒක තව කෝලමක්. මට තරහා යනවා..මට එපාම වෙලා තියෙද්දි මැඩම් කියන්න එපා අරම එපා මෙහෙම එපා කියලා වදයක් වෙන්න එනකොට ඊටවඩා කේන්තියි..මම එහෙම හිතුවට මොකද මට අමා මැඩම් වදයක් වගේ පෙනුනෙත් නෑ. එයා වැරද්දක් කරේ නෑනෙ...

හවස 5 වෙනකොට මම අමා මැඩම් එක්කම MTV එකට ආවෙ අද ඉවෙන්ට් එක බලන්න .ලාඕජී එකෙන් ස්පොන්සර් කරපු වාව් අවුරුද්ද කියලා තමා මේ අවුරුදු කුමාරි තරගෙ ගියේ.. ටික්ටොක් එකේ වැඩියෙන්ම ජනප්‍රිය ගෑනු පිරිමි ලමයි ටිකක් අතරින් හොදම කුමාරයා කුමාරිකාව තෝරන තරගයක් ඒක.. මේකෙ පලවෙනි වටය තිබුනෙ මීට මාසෙකට කලින් . ඒකෙන් කැපිලා ඉතුරු උන ටිකෙන් අද දෙවනි වටෙ තෝරනවා. අන්තිම වටය එහෙම නැත්තම් ෆයිනල් එක තියෙන්නේ 11 වෙනිදා හවස paradise inn එකේ.. ඉතින් ඒක කරන්නේ වෙනම කොටසක්

කොහොම හරි අමා මැඩම් මාත් එක්කම ආපු නිසා ඩිරෙක්ටර්ට මේ මගෙ අක්කා කියලා පචයක් ඇදබාලා කොහොමහරි ඉවෙන්ට් එක කරා. හිතුවට වඩා අමාරු උනේ නැතත් මට වෙනදට වඩා මහන්සි හිතුනා.

"මොකෝ උපුනි මේ.. ඔලුවෙ කැක්කුමද?"

මම මේසෙ උඩ තියාගෙන හිටිය ඔලුව අතගාන ගමන් එයා නැගිටලා මගෙ ඉස්සරහට ආවෙ මගෙ ඔලුව අරන් එයාගෙ ඇගට තද කරන්..ඊටපස්සෙ එයා හිමීට මගෙ ඔලුව අතගෑවා..

" ටිකක් ඔලුව තියාගෙන ඉන්න..මේ ඔක්කොම හරියයි.. තාම ඉවෙන්ට් එක ඉවර නැත්තම් ඒකත් ඉවර කරලා ඉක්මනට ගෙදර යමු හ්ම්.."

නෙත් මානේ | GLWhere stories live. Discover now