30

1.7K 107 25
                                    

සති දෙකකට පසු ,

" මම උබට යන්න කලින් මෙහෙම කියන්නම් පොඩි එකෝ.. උබ අපෙ අමා වෙනුවෙන් හරි පුලුවන් විදිහට ජීවත් වෙයන්. ඒ ඇති බන්.. මගෙ එකීව බලාගන්න උබ ජීවත් වෙන්නම ඕනෙ.. තේරුනාද? "

එදා අම්මුගෙ ගෙදරදි වසවර්තියා කිව්ව දේ මතක් වෙලා මගෙ මූනට හිනාවක් එද්දී මම ෆෝන් එක අතට ගත්තේ අම්මුගෙ ඇවිත් තිබ්බ මිස් කෝල් එක දැකලා..

මොකද දන්නෙ නෑ මොට්ටුකාරි ඉස්කෝලෙ ඉන්න වෙලාවෙත් මට කෝල් කරන්නේ .. එයැයිට මේ මං නැතුව බෑ වගෙ ඒයි.. අහ්ම් අහ්ම්..

3 missed calls from වසකෑල්ල 🎀♥️

" සුදූ..වින්දි"

ෆෝන් එක අරන් කෝල් බැක් කරන්න ගියා විතරයි ආයුශ් එනවා ඇහෙද්දි මට පෙර අත්දැකීම් තියෙන නිසා ෆෝන් එක අයින් කරා

එදා වගේ නෙවෙයිනේ බන් දැන් . අම්මු කියන්නේ දැන් මගෙ ගර්ල්පෙන් . ඉතින් කොහෙහරි කේලමක් ගිහින් මූන ම්හුක් කරගත්තානම් පොඩි එකාව යාලු කරගන්න වෙන්නෙත් මට.. හත්තික්කේ ඊටවඩා හොදයි මහවැලියට පැනලා කැලනි ගගෙන් මතුවෙනවා..

"ආහ් ආයුශ් .. මොකෝ කෑ ගහන්නෙ බන්?"

" කෑ ගහන්නෙ නෙවෙයි සුදූ. අද අපේ අන්තිම ශූටින් එක නේද ආහ්? අමතක උනාද ?"

"හම්මට ඔව්නෙ.. ඒ කියන්නේ ආයෙ මට කොලබ එන්න වෙන්නෙ නෑනෙ නේ.. ඒක නෙවෙයි බන් ආයෙ මට උබේ මූන බලන්නත් බැරි වෙනෝනෙ.. අනර්ඝයි අති විශිෂ්ටයි.. අනේ වාසනාවන්"

ස්ක්‍රිප්ට් එක කියවන ගමන් මූනත් කැද හැලියක් කරගෙන ආව ආයුශ්ට මම කිව්වා.. ඔව් ඔව් අද තමා උන්මාද ප්‍රේම ගීයෙ අන්තිම කොටස.. මම කිව්වේ කතාවෙ මගෙ අන්තිම පාර්ට් එක. මෙතනින් එහාට මිනොලිගෙ චරිතය රගපාන්නෙ වෙන කෙනෙක්..ඒ ආදරය විදින්නෙ වෙන කෙනෙක් . ඉතින් ස්ටෙලා කෙනෙක් නැති මිනොලි කෙනෙක් කතාව ඇතුලෙ නැත්තම් එතනම කතාව අසම්පූර්ණ උනත් ඩිරෙක්ටර්ට ඒකෙ අවසානයක් දෙන්න ඕන උනේ නෑ..

කතාව යන්නෙ මවාපෑමකින්. ඇත්ත ජීවිතේ උන්මාද ප්‍රේම ගීය අවසන් උනේ දෙන්නා කතා බහ කරලා නොකියම අතුරුදහන් වෙනකොට උනත් අජන්ත සර් ස්ටීව්ටයි මිනොලිටයි හැපි එන්ඩින් එකක් දුන්නෙ අනාගතේ කවදා හෝ දවසක එයාලා මුනගැහෙන විදිහට ...

නෙත් මානේ | GLWhere stories live. Discover now