" කෝ චූටි එන්න මේ බෙහෙත් ටික බොන්න "
ආයුශ් ඩ්‍රාමා එකේ සීන් එකක් ගැන කිය කිය ඉන්න අතරෙ අමා මැඩම් ආවෙ මගෙ බෙහෙත් එක්ක වතුර ජොග්ගුවක් අරන්..
අනේ මට බෙහෙත් බොන්න බෑනෙ..මම ඉතින් ඇහුනෙ නෑ වගෙ හිටියා බොන්න බෑ කියද්දි ආයෙ ගහයි කියලා ..මේ මොට්ටුකාරි මෙහෙම හිටියට හරි ප්රචණ්ඩකාරීයි.. ඒ උනාට හරි ස්වීට් අනේ.. මං ගැන හොයලා බලනවා පොඩි එකෙක් වගෙ..ඒත් වෙලාවකට මට ඒක වදයක්..
" මම ඒක කල්පනා කරේ නෑ ආයුශ් . මට අරූව සෙට් වෙන්නෙ නෑ. ඒක ශෝර්ට් ෆිල්ම් එකක් කිව්වට මට ඒක සෙට් වෙන්නෙ නැති වෙයි . බලමුකො තාම මිනොලිගෙ චරිතෙ ශූටින් දෙක තුනක් තියෙනවා නෙ"
" ඒකයි මාත් කියන්නේ . සාමාන්‍යයෙන් උබට ඉරිදා fm එකේ වැඩ ඉවර වෙලා ශූටින් යන්න වෙලාවකුත් නෑනෙ සදුදා ඉස්කෝලෙ නම්. ඉතින් උබ ඕක බාරගන්න කලින් හිතපන් ටිකක්"
" උපුනි බෙහෙත් -"
" මම හිතන්නේ නෑ ආයුශ් ඒක හරි -"
" උපුනි ඔවින්ද්යා !! තමුසෙට බෙහෙත් බොන්න තියෙනවා ඔය කුන්ඩවාලෙ තියලා මෙහෙ එනවාඅ!!!"
හරිනෙ.. බෝම්බෙ පිපිරුවා. මම එහෙමම බැලුවෙ රතු වෙලා මාරාන්තික බැල්මක් දාගෙන මං දිහා බලන් ඉන්න අම්මු දිහා. අම්මො ඒ මූන.. අබ ඇට ටිකක් දැම්මොත් මේ දැන් පිපිරෙයි වගෙ..
" අනේ මැඩම් මට බෙහෙත් බොන්න බෑනෙ"
"බෑ කියලා බෑ මේක ගන්නවා.. බෙහෙත් බොන්න ඕනෙ"
" අනේ ඒත් ති-"
"සුදූ තාම බෙහෙත් බිව්වෙ නැද්ද ආහ්.. බලනවා 12 වෙන්නත් ලගයි වෙලාව.. බීලා ඉන්නවා "
" ඒත් ආයුශ් මට බෙහෙත් ඕනෙ නෑ..මම දැන් හොද ෆිට් එකේ-"
" ආයුශ් ෆෝන් එක තියන්න! මේකි බෙහෙත් බොන්න ඕනෙ.. එතකොට තමුන් මෙහෙ එනවා "
ඕකනෙ බැරි කරන්න .අර ගොටුකොළ පාත්තයා අමා කෑල්ල සැර දැම්ම පාර ශට් ඩවුන් උනා. මාව මේ මොට්ටුකාරි එක්ක තියලා ගියා....ආයිශ් ආවදෙන්කො ආයෙ සුදූ කියාගෙන ඔක්කොටම හරියන්න මුගෙ ඔලුවටම මම ගහනවා පොල් ගෙඩියකින්..
![](https://img.wattpad.com/cover/365295706-288-k629310.jpg)
YOU ARE READING
නෙත් මානේ | GL
Non-Fiction"ඒ රිදුම් නිවී මා හදේ ඈ ළඟින් රැදීලා වගේ සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා" අමිත්‍යා × උපුනි