" චූටි.. චූටියෝ..ආ මේ ඉන්නෙ..මොකද දරුවෝ මේ පැය ගනන් වොශෲම් එකට වෙලා..පොඩ්ඩක් ඉන්න ඇයි මේ ඇස් රතු වෙලා..චූටියෝ.. උබ ඇඩුවද කියපන්..කෝ මං දිහා ඔලුව උස්සලා බලපන් චූටි "
කන්නාඩිය ඉස්සරහ හිටගෙන හිටිය මම එකපාරටම ගැස්සුනෙ වොශෲම් එකේ දොර ඇරෙද්දි. අම්මු ඇවිත් හිටියේ මම ඇයි පරක්කු කියලා අහන්න වෙද්දී මට අද අවාසනාවට මගෙ ඇස් එයාගෙන් හංගගන්න බැරි උනා. මගෙ රතු උන ඇස් දෙක දැකලා එයා මගෙ ගාවට ඇවිත් මගෙ නිකටෙන් අල්ලලා මූන එයාගෙ දිහාවට හරවගත්තෙ තවත් රවට්ටන්න බෑ කියලා වෙන්න ඕනෙ..
අඩනකොට ඇස් දෙක රතු නොකර තියාගන්න විදිහක් දන්නෙ නැද්ද ? මොකද මම අඩනකොට මට වඩා අම්මු කලබල වෙද්දී මට පසුතැවීමක් දැනෙනවා..
" ඇයි මේ දරුවෝ.. අනේ උබ මොකද චූටියෝ මේ උදේම අඩන්නෙ ? මොකක්ද ප්රශ්නෙ චූටි ? ඇයි උබ තාම මට මොකුත් කියන්නේ නැත්තෙ කියපන්? ඇයි බන් මෙහෙම හොරෙන් හොරෙන් අඩන්නෙ? අම්මුට දුකයි චූටි .. උබ ඔහොම හොරෙන් අඩනකොට උබ ගැන හොයන්නවත් බැරි උනා කියලා මට දුක හිතෙනවා "
" එ..එහෙම නෑ..මේ..දූවි-"
"දූවිල්ලක් කියලා බොරු කියන්න එපා මැනික..මොකක්ද කියපන්කො උනේ? උදේම උබට අඩන්න තරම් මොකක්ද උන වැරද්ද ? කොහෙහරි තුවාල වෙලාද කියපන්..කොහෙද උබෙ තුවාල උනේ? කොහෙද රිදෙන්නෙ චූටි ?"
" මෙන්න මෙතන"
කලබල එයාව නවත්තන්න බැරිම තැන එයාගෙ අත අරන් මගෙ පපුවෙ වම් පැත්තෙන් තිබ්බෙ එයා එකපාරටම නිරුත්තර වෙද්දි.. තවමත් සිහි එලවගන්න බැරි මානසිකත්වයක ඉන්න මම කොහොමද එයා ඉස්සරහ එහෙම මොකුත් උනේ නෑ වගේ කෙලින් ඉන්නෙ..
" මට රිදෙන්නේ මෙන්න මෙතන..අම්මු මට උදේ පාන්දර අඩන්න ඕනෙ නෑ..ඒත් මට කියපන් අඩුම තරමින් හිනාවෙන්න හරි හේතුවක් තියෙනවා ද කියලා ? අනේ අම්මු..මට ඇත්ත කියන්න. ඔයා බොරු කියන්නේ නෑනෙ නේද ? ඇත්තම කියන්න අම්මු..ඊයෙ රෑ ...ඊයෙ රෑ උන ඔක්කොම බොරු නේද ? මගෙ ඩෑඩ් ගැන ආයුශ් කියපුවා ඔක්කොම මගෙ හිතලුවක් නේද ? එයා එහෙම කරන්නේ නෑ අම්මු..එයා මට ආදරෙයි නෙ. මගෙ ඩෑඩ්.. අප්පච්චි මට ආදරෙයි අම්මු..අම්මා නැතුව එයා මාව බලාගත්තා අම්මු..හරි මම පිලිගන්නවා එයා මාව බලන්න ආවෙ නෑ කියලා ඒත් එයා මාව මරන්නෙ නෑ අම්මු..එයාට බෑනෙ එහෙම කරන්න .. එයා කොහොමද මාව මරන්නෙ ? මම එයාගෙ දුවනෙ අම්මු..මම..මම කොහොමද එහෙම..මට බෑ අම්මු ඒක විශ්වාස කරන්න..මගෙම තාත්තා කොහොමද මාව එහෙම.."
![](https://img.wattpad.com/cover/365295706-288-k629310.jpg)
YOU ARE READING
නෙත් මානේ | GL
Non-Fiction"ඒ රිදුම් නිවී මා හදේ ඈ ළඟින් රැදීලා වගේ සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා" අමිත්යා × උපුනි