17

938 79 10
                                    

ශටර් එකෙන් එලියට ඔලුව තියාගෙන හිටිය මම පහුවෙන වටපිටාව දිහා බලාගෙන හිටියා . නුවර ඉදන් කොලබ යනකොට හෙමින් හෙමින් කොල පාට මැකිලා අලු පාටක් මතුවෙනවා.

කොලබ ගස් කොලන් නෑ කියන්නේ නෑ ඒත් නුවර තියෙන්නේ වෙනම ලස්සනක්...මගෙ ජීවිතේ නුවර කොලබ කියන්නේ සාමාන්‍ය නගර දෙකකට වඩා ලොකු හැරවුම් ලක්ශ්‍යක් ගේන සංධිස්ථානයන් වෙද්දී මගෙ ජීවිතේ ගෙවිලා ගියේම මේ නගර දෙක මැද්දේ

සමහරවිට එදා මට සිරසෙන් අනව්න්සින් කරන්න චාන්ස් එකක් ලැබුනෙ නැත්තම් මම කියන්නෙත් සාමාන්‍ය ලමයෙක් වෙන්න ඇති .එහෙම උනානම් මම මීට වඩා සැනසීමෙන් ඉදීවි කියලත් මට හිතුනා .

"හිතවත්කම් හිත කඩලා තිබුණා
අපරාදේ අපි හමුවී තිබුණා
තුරුළේ සතපා
අඳුරේ සනසා
මදිවීද කියන් දැනුණා

දවසක් වත් පෙම් කරලා තිබුණා
හිතුනේ නැතිදෝ වැරදී කියලා
හැමදේ සඟවා
පිට වී තිබුණා
හිත නැද්ද දරා"

ආයුශ් රේඩියෝ එකෙන් යන සිංදුව ලාවට මිමිනුවා . මේ දවස්වල හිට්ම සිංදුව ඒක.. මම දන්නෙ නෑ මිනිස්සු ආස ඒකෙ කොතන කොටසටද කියලා ඒත් මම ආසම "හිත නැද්ද දරා" කියන කොටසට...

විශ්වාස කරන්න එතනදි පපුව කඩාගෙන යන හැගීමක් දැනෙනවා . කාලය ආපස්සට ගිහින් ඇයි එහෙම කරේ කියලා අහන්න වචන නැති උනත් මේ සිංදුව පුරාවටම අසරණකමක් පසුතැවීමක් මට ගෙනත් දෙනවා...

නුතාරා .. මේ කතාව පුරාවටම මම අදුරුම චැප්ටර් එක වෙන් කරන්නේ එයාට. 10 වසරේ නෙට්බෝල් ගහන අක්කා.. හැමෝම එයාට කතා කරේ එහෙම..

මම එතකොට 9 වසරෙ. සතියක් කොලබ යනවා ආයෙ නුවර එනවා. මගෙ පලවෙනි ඩ්‍රාමා එක උන සකුනි කතාවෙ රගපාලා ආයෙ ඉස්කෝලෙ එනවා. කිසිම කලබලයක් නැතුව තිබ්බ මගෙ ජීවිතේ හොදම කාලෙ ඒක කියලා මට විශ්වාසයෙන් කියන්න පුලුවන් ... ඒත් එකදවසක් එයා ඇවිත් ඒ ජීවිතේ හෙමින් හෙමින් විනාශ කරා.

ස්පෝට්මීට් එකේ නෙට්බෝල් මැචස් පටන් ගන්නවා කියද්දි අපි හැමෝම ගොඩක් නොඉවසිල්ලෙන් ඉන්නෙ. ඒ කාලෙ මම නම් ස්පෝට්මීට් නෙවෙයි මොන මගුලකටවත් ගියේ නෑ. මම කරේම අක්කලා ලමයි හොයාගෙන එනකොට ගුරු මේසෙ අස්සට රිංගපු එක..ඒ කාලෙ ගෲප් ඉවෙන්ට් කියලා ඔය ප්ලේට් ඇන්ඩ් බෝල් එකට විතරයි මම ආසාවෙන් ගියෙත්...

නෙත් මානේ | GLWhere stories live. Discover now