27

1.1K 80 20
                                    

"රෑ අහසට බර වූ සඳේ
නුඹ වැටුනා මගෙ පාමුල ඒ පැයේ
සිත්තරු ඇඳි සිතුවමේ
නුඹ උන්නේ"

එදා වගේම තමයි මම කුස්සිය පැත්තට යනකොට අම්මු පස්සත් උඩ දාගෙන සිංදුවක් කියනවා.. සමහරවිට එයා වැඩිපුරම ආස සිංදු කියන්න වෙන්න ඇති..ඇයි යකෝ තුන්සිය හැටපස් දවසෙම සිංදු කියනවා කියනවා ඉවරයක් නෑනෙ. ඒ අස්සෙ මම උබලට සිංදු රෙකමන්ඩ් කරලත් හොද පන යනවා. මම නෝට් කරගත්ත දෙයක් තමා අම්මු මාත් එක්ක ඉන්න හැමවෙලේම සිංදු කියනවා...කටහඬ පවා හරි ලස්සනයි ..ඒකෙ කතා දෙකක් නෑ. හැබැයි බන් මම කියන්නේ එයාගෙ කටහඬ කොහොම වෙතත් සුවදෙ හැටියට නම් කෑම ටික රහට ඇති..සිංදු වගේද කෑම...උයන්න පුලුවන් ගර්ල්පෙන් කෙනෙක් ඉන්න නිසානෙ මේ සේරම...

අර කොල පාට කරපිංචා සම්බෝලෙ වගේ අද මොනා හදනවද දන්නෙ නෑ මයෙ සුදු නෝනා..

"මට රවනා මුහුණත් අතරේ
නුඹ පෙනුනා කොනකින් වාගේ
නුඹමද මාගේ තොල්පෙති තෙමුවේ
ඒ හාදුවෙ නෑ අවසානය දුටුවේ
අරමුණු මාගේ නුඹ ළඟ බිඳුනේ
එක හුස්මක් ළඟ දවසක් ගෙවුනේ"

"ආ චූටි .. යෝ උබ නෑවද බබා.. කොන්ඩෙ තෙතයි නෙ.. අනික ඇදුම් ඇන්දෙ නැද්ද මේ බාත්‍රොබ් එක පිටින් ඉන්නෙ ආහ්"

අමො අමො..අපි මේ බැදලා හනිමූන් ගිහින් පහුවදා වගේනෙ යකෝ කතාව..මම ඉතින් සිංදුවෙ ඉතුරු කොටසත් කියාගෙන අම්මුව පිටිපස්සෙන් බදාගත්තම ඇලුමිනියම් හැන්දකුත් අතේ තියාගෙන එයා කියවන්න ගත්තා..

ඔයාලා දන්නවද ඒයි එයා මෙහෙම කියවද්දි හෙන සෙස්සි අනේ..කොහෙද තරහා ගියාම මොට්ටුකාරිගෙ පුදුම ලස්සනක් නොවැ තියෙන්නේ.. මම ඉතින් රැවටුනේ මේවට තමා..එකසිය 64 මායම්...

" ඉතින් අනේ ඔයා ඇදුම් දුන්නෙ නෑනෙ මට.. මම ඉතින් මේක ඇදගෙන ආවා"

" මම ඇදුම් දුන්නෙ නෑ? ඇයි අර ඇද උඩ තියලා තියෙන්නේ."

"අර කොල පාට ගවුමද ? ඒක කැතයි අනේ..මට ඕනෙ මම රෑට අදින රතු චූටි පිජාමා එක"

මම කිව්වේ පැන්ට්‍රි එකට නැගලා කම්මුල් පුම්බගන්න ගමන්..මේන් මෙයා මගෙ එලියට පැන්න කකුල් වලට රවනවා..සුදු නෝනට නගිනවද දන්නෙ නෑ ඒයි මේවා දැකලා..අහලා බලන්න ඕනෙ නැත්තම් පසුකාලීනව  ලිංගික බෙලහීනතාවෙ කියලා බෙහෙත් ගනින්කො..

නෙත් මානේ | GLWhere stories live. Discover now