20

2K 117 23
                                    

" මැඩම් මෙයාලට මේක දෙන්නම ඕන කියලා ශුවර් ද?"

"ඔව් ඔව් බන් බෙල් එක ගහපන්කො.. "

ඊලග දවස.. ආහ් අවුරුදු නෙ ඒයි අද..පරන අවුරුද්ද.. මට ඉතින් දවස් තුන්සිය හැට පහම අවුරුදු වගෙ නිසා ගානක් නෑ. වෙනදට අවුරුදු කියලා උදේ පාන්දර සිරසට ගිහින් එහෙ පැල් රකින මට මේ පාර උනේ ගෙදර ඉන්න  කොහෙද මොට්ටුකාරියක් කිව්වනෙ එයා එක්ක අවුරුදු සමරමු කියලා .

ඊයෙ රෑ ශොපින් කරලා නිලාකූරු බඹරචක්‍ර එහෙම ඔක්කොම උස්සගෙන ගෙදර එනකොට 12යි. ආයුශ් 11 වෙනකොට වොනලිගෙ බර්ත් ඩේ එකට ගිය නිසා මහ රෑ කොලබ මම රවුම් ගැහුවෙ අමා මැඩම් එක්ක...

ඒක හරි ලස්සන හැගීමක් ඒයි.. මට හැගීම් දැනෙන්නේ අඩු නිසා මේ වගේ හැගීම් අකුරින් ලියන්න තේරෙන්නෙ නෑ. ඊයෙ රෑ පාරෙ දාලා තිබ්බ නියෝන් ලයිට් එලියට අපි දෙන්නා ලගින් ඇවිදගෙන ගියේ කිසිම සද්දයක් නැතුව ...

ආදරේ කරන කෙනා එක්ක රෑට තනියම ඇවිදින්න ඕනෙ .. ඒක මගෙ හීන 10න් තව එකක්.. ඉතින් නොදැනුවත්වම මම ඒ හීන හැබෑ කරගන්නවා...

පුදුමයි නෙ... අනික අම්මු කියන්නේ -

" උපුනි ආයෙ පාරක් බෙල් එක ගහන්නකො"

" කවුරුත් නැතුවැති මැඩම් . ඕනෙ නෑනෙ මේ බොරු- ආයිශ් හරි හරි රවන්න එපා ඉන්න .."

මගෙ කතාව පසුවට. දැන් කියන්නම්කො මෙතන වෙන්නෙ මොනාද කියලා .. අද අවුරුදු නිසා මම ටිකක් උදේම නැගිට්ටා. ඒකත් අම්මු දාලා තිබ්බෙ දෙමල මොනාද මගුලක් නිසා. අර උදේට කෝවිලේදි දාන්නෙ එහෙම එකක්. පස්සේ අම්මු කිව්ව නිසා මාත් බුදුන් වැදලා ලෑස්ති උනේ අලුත් ඇදුමකින්...

එයා පොඩි පහනක් පත්තු කරලා තිබ්බා.. ඒ වගේම ඒ පහන අර දේව රූපයක් ඉස්සරහ තියලා මොනාදෝ කිව්වා. මට ඕවා තේරෙන්නෙ නෑ බන්..මම කවදාවත් හරියට පහනක් තියලා බුදුන් වැදපු මනුස්සයෙක් නෙවෙයිනෙ..

ඇරත් ගෙදර පහන නැති උනාම තව මොනාද බුදුන්ගෙන් ඉල්ලන්න තියෙන්නේ. මට මතක ඇති කාලෙක අත්තම්මා නැති උනායින් පස්සේ අපෙ ගෙදර හවසට පහනක් තියලා නෑ. ඇරත් මම ගෙදර ඉන්න එපැයි ඔක්කොටම කලින්. අම්මු උදේම නාලා ලා කහ පාට වගේ ඇදුමකින් එයාලගෙ දෙවියො වදිනකොට සත්තයි මට හීල්ලුනා..

නෙත් මානේ | GLWhere stories live. Discover now