25

969 78 18
                                    

flashback :

" යේන් ඩී ඉවල් අලූර? එන්න ආවින ( ඇයි බන් මේකි අඩන්නෙ ? මොකද උනේ?"

"තෙරියා. ආව වෙලාවෙ ඉදන් අඩනවා තමා.. ඇහුවත් කියන්නේ නෑ.."

" නී පෝ ඉප්ප නා ඉක්කිරන් තානෙ හ්ම්.. ( උබ පලයන් දැන් මම ඉන්නවනෙ)"

දොරෙන් ඇතුලට ආපු රියාශා නියාශාට කිව්වේ ඒකි ඔලුව වනලා අඩන අමිත්‍යාගෙ ඔලුවත් අතගාගෙන එලියට යද්දී. එයාලා මේ ඉන්නෙ පේරාදෙණිය පාරෙ තියෙන රියාශාගෙ හස්බන්ඩ්ගෙ ගෙදර. ඉස්කෝලෙන් ශෝට් ලීව් අරන් පුලුවන් ඉක්මනට අමා මැඩම් ආවෙ එහෙට වෙද්දී එලියට ගිහින් හිටිය රියාශා ගෙදර එනකම් එයාගෙ නිවුන් සහෝදරිය කෙල්ල ගාව හිටියා..

අඩන්න හේතුවක් තියා කිසිම දෙයක් නොදන්න නිවුන් ඩබල කොච්චර ඇහුවත් බහුබූත දොඩවන අමිත්‍යා නිසා හිටියේ මල පැනලා..

" තෝ අඩනවානම් හේතු කියලා අඩපන් යකෝ. ඉස්කෝලෙ කාලෙ අර අභිශේකයා දාලා ගියාම ඇඩුවා වගේ තෝ හූල්ලද්දි මරන්න තරහයි මට.. පකයා ( දෙවියන්ට සමාවෙන්න ) තෝ නිසා දවසක මගෙ මිනිහත් දාලා යනවා පකෝ ( දෙවියන්ට සමාවෙන්න )"

"අනේ බන්.. අනේ.. ඒන් පුල්ල( මගෙ කෙල්ල ) ඒකි.. අනේ..."

" කවුද දැන් මොකක්ද කිව්වේ ? අර පගයා උබට මන්නයක්වත් ඉස්සුවද ඔහොම අඩන්නෙ ආහ්?"

"ඉල්ල ඩී.. අවල්.. අවල් එනෙය..( ඒකි මාව...)"

" ඇයි උබව රේප් කරාද? ඇයි ඇයි ඔහොම බලන්නෙ ? කියන්න බෑනෙ අමා උබත් මල වගෙ ඉන්න එකේ ඒ මැර පගයා තෝව කෑවත් මට වගකියන්න බෑ"

අනේ අම්මපා මේකිට පොඩ්ඩක් සීරියස් වෙන්න කියලා දීපන්කෝ.. දාගෙන හිටිය ශෝල් එක ගලවලා බෙල්ල වටේ ඔතාගෙන රියාශා කිව්වේ හනුමන්තා වගේ වේගෙකින් නැගිට්ට අමා එලියට යන්න දගලද්දි

" කොහෙද යන්නෙ දැන් තෝ?"

" නාන් පෝර( මම යනවා)... එන්ග සරි පෝරේන්.. (කොහෙහරි යනවා) ඔලුව හැරුන අතේ යනවා. මගෙ කෙල්ල...ඒකිවවත් ඕනෙ නෑ මට"

" යනවා නම් මෙච්චර වෙලා අඩන්න දුන්නට කීයක් හරි දීලා පලයන්.. අනේ තෝ වරෙන් මෙහෙට පකයා( දෙවියන්ට සමාවෙන්න ) ආවා මෙතන ඔලුව හැරුන අතේ යන්න . උබට මම කියන්නේ නෑ යන්න ඕනෙ කොහෙද කියලා "

නෙත් මානේ | GLWhere stories live. Discover now