" වාඩී ඒන් තමිල් සෙල්වි
අයි ටේක් යූ ශොපින් ටූ ද නල්ලි
නී පෝගා ද නී තල්ලි තල්ලි
වායි ඊස් වලිචි සොල්ලි සොල්ලි...වාඩී ඒන් තමිල් සෙල්වි
අයි ටේක් යූ ශොපින් ටූ ද නල්ලි
නී පෝගා ද නී තල්ලි තල්ලි
තෙරියා දාඅ......ඕහ් යේ...
වාඩී ඒන් තමිල් සෙල්වි
අයි ටේක් යූ ශොපින් ටූ ද නල්ලි
නී පෝගා ද නී තල්ලි තල්ලි
තෙරියා දා මාමා ගිල්ලි...1 2 3 ගෝ
වාඩී ඒන් තමිල් සෙල්වි
අයි ටේක් යූ ශොපින් ටූ ද නල්ලි
නී පෝගා ද නී තල්ලි තල්ලි
පෝයේ නී ඩී ඕකෙ සොල්ලි..."
බුදාම්මෝ ගෙට හොරු පැනලා...මම නැගිට්ටෙ දාඩියත් දාගෙන ගේ ඇතුලෙන් ඇහෙන සද්ද නිසා. කවුද යකො මේ දවල් ගෙට පැනලා ඩීජේ දාන එකා...
හුටා.. මම තනියම නෙවෙයිනේ..අමා කෑල්ලත් මාත් එක්ක නේද ඉන්නෙ...මම ආයෙමත් බෙඩ්ශීට් එක උස්සලා බැලුවෙ ඇගේ කෑලි බෑලි අඩුද බලන්න . නෑ ඉතින් කියන්න බෑනෙ බන් අද කාලෙ කාව විශ්වාස කරන්නද නෙ...
තාමත් බජව්ව යනවා. ඒක දෙමල සිංදුවක්ද කොහෙද ? සාමාන්‍යයෙන් දෙමල සිංදුවක මියුසික් එකටම නැටවෙන එකේ මෙහෙම බෙරිහන් දෙනකොට නැටවෙන්නෙ නැතුවයැ...
මම හිමීට ඇදෙන් බැහැලා කුස්සිය පැත්තට රීටුවා.. අමො අමො.. සෙක්ශන් එකම බය අමා කෑල්ල නේත අර පුපත් උඩ දාන් නටන්නෙ ...
මට හදිස්සියට මතක් වෙලා කාමරේට ගිහින් ෆෝන් එක අරන් වීඩියෝ කරේ මොනාදෝ හද හද පුපත් දික් කරන් නටන අමා කෑල්ලව. පසුකාලීනව මෙව්වා අත්‍යවශ්‍යයි මිත්‍රයා .. හිස්ට්‍රි උගන්නනවා කියලා මාව මානසිකව පීඩා කරන්න ආවොත් පෙන්නලා බය කරනවා..හහ් හහ් හා...
මම ඉතින් ෆෝන් එකෙන් වීඩියෝ කර කරම පස්සෙන් යන්න හැදුවත් එකපාරටම එයාගෙ ෆෝන් එකට කෝල් එකක් ආව...
රිගින්ටෝන් එක විදිහට තිබ්බෙ එදා අපි දෙන්නා කිව්ව සිංදුව.අඩේ ඒකෙත් පොඩි ගතියක් තියේ නේද ..මාත් දාගන්න ඕනෙ..

YOU ARE READING
නෙත් මානේ | GL
No Ficción"ඒ රිදුම් නිවී මා හදේ ඈ ළඟින් රැදීලා වගේ සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා" අමිත්‍යා × උපුනි