" අම්මු මොකක්ද මේ කරන්නේ ඔයා?"
"ඇයි දැන් මොකක්ද ප්රශ්නෙ ?"
"ප්රශ්නෙ කියන්නේ අච්චර KCC එක අස්සෙ රවුම් ගහලා මුලු නුවරම පීරලා ඇවිත් දැන් මේ තිලකවර්ධන එක අස්සටත් රිංගන්න ඕනෙද ඔයාට?"
"කටවහගෙන ඔය මාස්ක් එක හරියට දාගෙන එන්න චූටි .. තමුන්ගෙ කට කියවිල්ල ඉවර වෙන්නෙ නැති හැටියක්..මම කොහොම මේ කට එක්ක ඉන්නද දන්නෙ නෑ.. හිතුනොත් ඇත්තමයි ඔය කටට ගෙනත් දානවා ලොක් එකක් ඉබ්බෙක් එක්කම..මලවදේ"
"ආ ඔව් ඔව් මම තමා වදේ..අර කොහෙවත් ඉන්න උනබට පකයා එක්ක රවුම් ගහන්න තිබ්බනම් මොකුත් නෑ උබට.. අනේ පලෑන්න අම්මු යන්න .. "
" කට වහගෙන වරෙන්කො චූටියෝ !!"
යැයි යැයි .. ඇත්තටම යකුනෙ මට මේ එක දවසට මේ පඩත්තර මොට්ටුකාරිව එපා උනා අප්පා..අච්චර KCC එකෙයි අලිමුඩුක්කුවෙයි හැම රෙද්දෙම මාව කුදලගෙන ගිහින් බඩු ගත්ත ගෑනි බස් එකේදී මොනාද මතක් උනා කියලා ආයෙ ආවා මේ තිලකවර්ධන එකට. මම අහන්නෙ ඕක වෙන දවසක ගන්න බැරි උනාද ..
ජීවිතේට මෙහෙම මිනිස්සු ඉන්න තැනක ඇවිදින්නෙ නැති මට මේ වගේ මොට්ටුකාරියක් සෙට් වෙලා විදින දුකක්...අනේ කවුරුහරි ඇවිත් මාව බේරගනින්කො අප්පා...
කොහොමහරි ඉතින් දක්කගෙන යන ගොන් පැටියා වගේ මාත් ඒ පස්සෙන් ගියාම මෙයා මුලින්ම ගියේ බියුටි සෙක්ශන් එකට. ඇත්තමයි මෙච්චර තකහනියෙ මේකට රිංගුවෙ ක්රීම් එකක් ගන්න කියලා කිව්වොත් මෙතනම කෑලි කපලා මාලුන්ට කන්න දානවා මම.. ආආආආආආහ්
" අම්මු.."
" මගෙ ක්රීම් එක ඉවර වෙලානෙ චූටි . මට ට්රිනිටි එක එක ගාවදි මතක් උනේ ඕක.. ආයෙ ඉතින් මේකෙන් ගත්තා "
"ඇත්තටම.. අම්මපා කියාම්"
"මොක- ආව් ගහන්නෙ ඇයි යකෝ"
"ගහන්න නෙවෙයි අම්මු උබව මරන්න තරහයි මට.. ඔයා හොදටම දන්නවා මම ඇවිදින්න ආස නෑ කියලා . එහෙම එකේ උදේ පාන්දර කෝල් අරන් වද දීලා ඇහැරවලා ක්ලාස් එකකට එක්ක ගිහින් ඒ මගුල ඉවර උනාට පස්සේ තේ කොල ගන්නයි අරවා ගන්නයි මේවා ගන්නයි කියලා මාව නුවර වටේම එක්කන් ගිහින් දැන් මේක අස්සට ආවෙ මේ හිච්චි ක්රීම් එක වෙනුවෙන්ද ආහ්?"

YOU ARE READING
නෙත් මානේ | GL
Phi Hư Cấu"ඒ රිදුම් නිවී මා හදේ ඈ ළඟින් රැදීලා වගේ සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා" අමිත්යා × උපුනි