" එන්න සෙයිර ඉප' ( මොකද කරන්නේ දැන් ?)"
" එනක්කු තෙරියා.. අවල් වරකාට්ටි ඊකනුම් ( මම දන්නෙ නෑ.. අරකි එනකම් ඉන්න වෙනවා)"
" පාර් ඩී.. ඉන්ද පුල්ල පාවම්..( බලපන්කෝ මේ කෙල්ල පව්..)"
" ආමා(ඔව්)"
ඇස් දෙක උඩ ගල් ගෙඩි තියලා වගෙ ලොකු බරක් දැනෙද්දි මගෙ වටපිටාවෙන් ඇහෙන්න ගත්තේ අමුතු භාශාවක ගෑනු කටහඩක්. මම මැරිලා අපායෙවත් ඉපදිලාද? බැරි වෙලාවත් මම ඉන්නෙ දිව්යලෝකෙද? හත්තික්කේ මට ආයුශ්ට හරියට සමුදෙන්නත් බැරි උනා. ඒ මිනිහා වැලහින්න වගේ අඩනවා ඇති ඒයි.. පව් මගේකා..
ශොකාලපය අන්තිමේ මම ආයෙමත් යම භාශාව අහන්න ගත්තා .. මම වරයක් අරන් ආයෙ ඉපදුනාද දන්නෙත් නෑ..ඒත් ඒ කටහඩ..එක වගෙ. මම අමාරුවෙන් ඇස් අරින්න හැදුවේ ඒ කියන දේ තේරෙන්නෙ නැතිකමට .
"ඒයි අවල් එලුම්බුර ( ඕන් අරයා නැගිටිනවා)"
" ආහ්.. ඔ..ඔලුව ම..ම්ගෙ"
" ඕහ් ඔයා ඔහොම ඉන්න ශරි.. හෙලවෙන්න තමා එපා.. ඔයාට අමාරුයි තමානෙ"
ඇස් ඇරපු මම දැක්කෙ සුදු පාට කාමරයක මගෙ මූනට එබිලා ඉන්න ගෑනියෙක්ව.. බුදාම්මෝ මගෙ ඔලුව.. මුලු ඔලුවම වහගෙන කලු ඇදගත්ත ගෑනියෙක් හිටියේ මම ඉස්සරහ . මම හිතුවා හරි මේක අපාය තමා..
ඒත් මොන මගුලකටද දැන් මම අපායෙ ගියේ?
" ඔයාට තාම අමාරුයි තමානෙ.. කොංජම් ඉරුංග( පොඩ්ඩක් ඉන්න ) ඔයාට ඉක්මනට ශනීප තමා වෙයි"
අම්මෝ..මගෙ හුස්ම ...
එක වගෙ දෙකක්?
මම ඇස් බෝල කරගෙන කන් ලොකු කරගෙන බැලුවේ මගෙ දෙපැත්තේ ඉන්න එක වගෙ ගෑනු දෙන්නා දිහා. මුන් නිවුන්නු.. අපායෙ නිවුන් ෆාතිමාලා..
ඔව් ඒ ඩබලම මුස්ලිම් . මුලු ඔලුවම වහගෙන හිටියට මට අදුරගන්න පුලුවන් . මේ සහරා කාන්තාරෙද අපාය තියෙන්නේ . ඇයි මේ ෆාතිමාලා ලස්සන...
හත්තික්කේ ඔයාලා හිතන්න බැරි වෙලාවත් මම කරපු පින් නිසා අපායෙ යමයගෙ කෙල්ල වෙලා ඉපදිලා යම තාත්තා මාව බලාගන්න මේ යම ෆාතිමාලා දෙන්නා දුන්නද දන්නෙ නෑනෙ
YOU ARE READING
නෙත් මානේ | GL
No Ficción"ඒ රිදුම් නිවී මා හදේ ඈ ළඟින් රැදීලා වගේ සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා" අමිත්යා × උපුනි