33

784 66 20
                                    

" ආ තංගච්චි.. වැඩ වගේ"

අහස පොලොව එකතු කරන්නද මන්දා බර කල්පනාවක හිටිය අමිත්‍යා ගැස්සුනෙ එයා හිටිය ටේබල් එකට ඇවිත් වාඩි උන යශ්වින් නිසා..

අම්මපා මේ මිනිහට කොච්චර කියන්නද ඉස්කෝලෙ ඇතුලෙ මැඩම් සර් කියලා කතා කරන්න ඕනෙ කියලා . අබේරත්න ගෑනිට ඇහුනානම් අමිත්‍යාට ආතල් ගානක් යනකම් කතා අහගන්න තිබ්බා.. යැයි යැයි . අම්මු සර් කියාගෙන යශ්වින් දිහා බලලා ලාවට හිනා උනා..

" ඉතින් අමිත්‍යා . දවස් තුනක්ම ඔයා ලීවින් ගත්ත නිසා නෝට්ස් එහෙම වැඩි වෙලානෙ. මම ආවා ඉතින් කෝප්පයක් හෝදන ගමන් පොඩි සප් එකක් දෙන්න "

"අනේ ඒකට ප්‍රශ්නයක් නෑ සර්. මම මේ මෙයාලට දීපු ප්‍රශ්න වගයක් බැලුවෙ නිකමට වගේ. කොහොමත් දැන් සති දෙකකින් ටර්ම් ටෙස්ට් එකත් එන එකේ ඒ ටිකත් බලන්න එපැයි "

"ඔව් ඔව් මම ඒ ගැන අහන්නත් එක්ක තමා ආවෙ. ටර්ම් ටෙස්ට් එක නිසා ලමයි ඉස්කෝලෙ එන්නෙත් නෑනෙ අමිත්‍යා . ඒ අස්සෙ සිංහල ඩේ එකත් දාලා ලමයි ඒකට වැඩ. එතකොට පාඩම් කරන්නත් නෑ කියලා කම්ප්ලේන් වගයක් ආවා මගෙ පන්තියෙන්. මම බැලුවෙ අපි පර්මිශන් අරන් ආෆ්ටර් ස්කූල් වත් කරමුද කියලා ?"

යශ්වින් කියද්දි හොද හුස්මක් ගත්ත අමිත්‍යා එයාගෙ කොන්ඩෙ හදාගත්තෙ මේ මිනිහා දිහටම එයා දිහා බලාගෙන ඉන්න නිසා.

යශ්වින් කියන්නේ අමිත්‍යාට වඩා අවුරුදු දෙක තුනක් වැඩිමල් තරුන ගුරුවරයෙක්. කොටින්ම ඕනම කෙල්ලෙක්ට හිත යන ජාතියෙ ප්‍රියමනාප පෙනුමක් මිත්‍රශීලි කතාබහක් තියෙන හැම ගුරුවරයෙක් එක්කම එකතු දක්ශ ගුරුවරයෙක්.වැඩේ කියන්නේ මිනිහා තාම බැදලා නෑ..මම කිව්වේ කසාද..ඉතින් කැම්පස් එකෙන් අවුට් වෙලා පලවෙනි පත්වීමට මෙහෙට ආපු යශ්වින් මේ යන්නෙ එයාගෙ හතරවෙනි අවුරුද්ද. ඒලෙවල් වගේම ඕලෙවල් වලට ඉතිහාස සෙමිනාර් කරන්නෙත් මෑන් තමා. ඉතින් අලුතින් ආපු අමිත්‍යා නිසා වැඩ දෙකට බෙදෙද්දි එයාගෙ පන්තියේ වැඩ ගොඩක් ලේසි උනා..

" මම හිතන්නේ සර් මම හදපු යුරෝප් පේපර් එකට හරියන්න ලමයින්ට පාඩම් ටික කවර් කරගන්න පුලුවන් වෙයි. ලංකා පේපර් එක අපි මේ පාර හැදුවෙ ටැමිල් මීඩියම් එකට දීලානෙ. ඉතින් ඒක පොඩ්ඩක් කවර් කරගමු දවසක් දෙකක් දාගෙන . හැබැයි සර් මේ ඩේ එකෙ වැඩත් එක්ක ලමයි ඉස්කෝලෙ එන්නෙත් අඩුවෙන් නිසා මම හිතන්නේ නෑ ආෆ්ටර් ස්කූල් අයිඩියා එක හරියයි කියලා . කෝකටත් අපි අබේරත්න මැඩම්ගෙන් අහලා බලමුනෙ"

නෙත් මානේ | GLWhere stories live. Discover now