28

941 71 26
                                    

" හොදට අහගන්න.. කඩල එක තම්බන්න දැම්මම ප්‍රෙශර් කුකර් එකේ විසිල් 5ක් 6ක් වැදුනම ලිප ඕෆ් කරන්න ඕනෙ. එතකොට ගානට තැම්බිලා කඩල ටික. ඊටපස්සෙ ඒක ලිපෙන් බාගෙන මම දැන් හදන කරි එකට- උපුනි මම කියන දේ අහගෙන ද ඉන්නෙ උබ?"

"ආ ඔව් ඔව් ශූස් ගෑවම ඕෆ් කරලා .."

"ශූස් ගානවා උබෙ රෙද්ද ! තෝ මගෙන් කුනුහරුප අහගන්නෙ නැතුව ඔය හුචක්කුව තියලා මේ ලිප බලපන් . එක්කො ගිහින් අතුගාපන් "

" අයියෝ අම්මු.. මම අතුගාන්න දන්නෙ නෑ ඒයි"

" එහෙනම් යූ ටියුබ් එකෙන් සර්ච් කරලා බලපන් හව් ටූ ස්වීප් කියලා. රෙද්ද !! දැන්වත් ඕක තියලා ඇවිත් මට උදව් කරපන් උපුනීඊඊඊඊඊඊඊඊ"

හත්තික්කේ .. මොනාද යකෝ මේ වෙන්නෙ ? උදේ පාන්දර සැපට දොයියගෙන හිටිය මාව ඇහැරවලා මේ මොට්ටුකාරි දාගෙන වැඩ ගන්නවා ඒයි...විනාඩි පහක් ෆෝන් එක එබුවටනෙ ඔය ඔක්කොම බැනුම්.

මම ඉතින් ෆෝන් එක පැන්ට්‍රි එක උඩින් තියලා කොස්ස අතට ගත්තා. දෙයියනේ කවදා කාපු කටුද මෙව්වා. ලීලාට ආයෙනම් මම බනින්නෙ නෑ . ඒ මනුස්සයා ගෙදර වැඩ හැමදාම කරන එකේ එක දවසක් කරලම මට අනිත්‍ය වැටහිලා තියෙන්නේ.

ජීවිතේට කොස්සක් අතින් අල්ලලා නැති මම මොට්ටුකාරියක් නිසා අන්ත අසරණ වෙද්දී කොස්ස දෙපාරක් තුන්පාරක් එහාට මෙහාට කලා විතරයි මෙන්න ආපහු කෑ ගහන්න ගත්තා..ඒ පාර මක්කද?

" ඔය මොනාද ඕයි කරන්නේ ? ඔහොමද අතුගාන්නෙ ආහ්? අඩාපාවි චූටි නී නල්ලා වලන්දු ඊකිරායි. ( උබ නියමෙට හැදිලා තියෙනවා ) මට උබව මුල ඉදන්ම මකලා හදන්න වෙයි වගේ යකෝ"

ඔය ඉතින් ආයෙ බනිනවා අප්පා. ජීවිතේ වැඩිම කාලයක් බැන බැනම ඉදලා මේ ගෑනි මෙහෙමම වයසට යයි කියලත් හිතෙනවා බන්. පුදුම කේන්තියක්නෙ මේකිට එන්නෙ..මටවත් ඔච්චර කේන්ති යන්නෙ නෑ.

" ඉතින් අම්මු අතුගාන්න සිංදුවක් හොයන්න ගත්තම බැන්නා ෆෝන් එක තියපන් කියලා . ඊටපස්සෙ අතුගාන්න ගත්තම බනිනවා මොන මොනාදෝ කියලා . ඔයාට මාව විහිලුවක් වගේ පේනවද ආහ්?"

මම අඩියත් පොලේ ගහලා කම්මුල් පුම්බගත්තෙ අම්මු එයාගෙ අතේ තිබ්බ ලී හැන්දෙන් මගෙ ඔලුවටම අනිද්දි.. අම්මපා මේ ගෑනි මෙහෙම ගිහින් මගෙ ඔලුව මැද්දෙ මරියානා ආගාධය මවලා වතුරත් පුරවන්නත් බැරි නෑ..

නෙත් මානේ | GLWhere stories live. Discover now