21

978 74 12
                                    

රිදුම් දෙන ඔලුවත් අල්ලගෙන ඔවින්ද්‍යා නැගිට්ටෙ මුලු ඇගම තලා දැමුවා හා සමාන හැගීමකින්..එයා ඇස් ඇරියෙ තමන් වටේ වෙන දේවල් තේරුම් ගන්න උනත් එකපාරටම ඔලුව ඇතුලෙ ඇදුනු අදුරු කලු රූප එයාගෙ මූනෙ හැගීම් විනාඩියෙන් විනාඩිය වෙනස් කරා.

එයා අසනීපෙන්..ඒත් විශ්වාස කරන්න කය අසනීප වෙනවට වඩා වැඩි වේදනාකාරියි සිත අසනීප උනාම..

තමන්ගෙ අත අල්ලන් ඇද පාමුල ඔලුව තියාගෙන ඉන්න එයාගෙ මොට්ටුකාරි දිහා එයා බැලුවා.කෙල්ලගෙ ඇස් පැහැදිලියි. කදුලු කියන නාමයක් නැතුව ඒ ඇස්වල පැහැදිලි බවක් තිබුනට ඒ ඇස් ඇතුලාන්තයෙන් මියයමින් තිබුනා .

'මට එහෙම නොකර ඉන්න තිබ්බා අම්මු...'

හිතේ ඉන්න මනුස්සයට වඩා අමනුස්සයා එහෙම කිව්වේ උන හැමදෙයක් ගැනම ලොකු පසුතැවීමකින්..

මිනිස්සු රිද්දන්න පුලුවන් හොදම හැගීම පසුතැවීම කියලා මම කියන්නම්..කොහේහරි ලියලා තියාගන්න හැම මනුස්සයෙක් ම පසුතැවීම ගාව පට්ටම අසරණයි..

එයාට මතක් උනා මීට කලින් තමන් කොච්චර අසරන උනත් කිසිම කෙනෙක් මේ වගේ ඇද ගාව එයාගෙ තනි රැක්කෙ නෑ කියලා . හදිසියේම හද දෙව්දුව එවපු ඒ මැජික් මොට්ටුකාරියෙක් හිමි හිමින් එයාව පුදුම ලෝකෙකට ගෙනාවා..

ඉස්කෝලෙ දි හම්බවෙලා , බැනලා, අඩලා මැරෙන්න හදනකොට බේරගෙන ඊටත් වඩා ජීවිතේ පලවෙනි වතාවට තමන් වෙනුවෙන් දුර ගමනක් ආපු කෙනෙක් වෙනුවෙන් තමන්ට කරන්න පුලුවන් කිසිම දෙයක් නෑ කියන හැගීම එයාව රිද්දුවා..

පිටින් එයාව මනින මාත් ඒ දිහා උපේක්ෂාවෙන් බලන ඔයත් හරියට කිසිම ඉවසීමක් නැති මිනිස්සු දෙගොල්ලක්..

මේ මානසික මට්ටම හරි භයානකයි. ඩිප්‍රෙශන් නැත්තම් විශාදය ඇතුලේ ගොඩ නැගුනු මේක තවත් එක මානසික රෝගයක්..

" මම එහෙම කලේ නෑ..."

' නෑ ඔයා තමා අම්මුව මරන්න හැදුවේ'

' නුතාරා නෙවෙයි ඒ අම්මු.. දෙයියනේ ඔවී ඔයා හැදුවේ ඔයාගෙ අම්මුව මරාගන්න නේද ?'

නෙත් මානේ | GLWhere stories live. Discover now